
උදයෙ පායල පැයෙන් පැය
ආලෝකයෙන් විශ්වය දිලේ
දහවලද, සැන්දෑවෙ පායල
අවරගිරින් බැස එය ගිලේ
තුරුලතා වෙත වැටිල කිරණත්
තදම කොලපාටින් දිලේ
පිපෙන ලස්සන ජලජ ශාකත්
දිලිසෙමින් පැද්දෙයි විලේ
මව්ගෙ කිරියෙන් හිරුගෙ කිරණින්
ලෝකෙ ජීවය පණ ලබයි
ලැබිල ජවයක් සොබාදහමත්
පිබිදීලා ජල කද ගලයි
නිදාගත් නිදිකුම්බා ඇහැරී
වණ සතුන් දුව පැන නටයි
පිපී මල් සුවදක්ම දීලා
දස අතම මද නල හමයි
රැයද ගෙවිලා ඝන අදුර
දුරු කරන්නේ හිරු කුමරනේ
ලෝකයා හට ඇත්තෙ සුන්දර
නවෝදය හිරු විතරනේ
දෝලනය වන මිනිස් ජීවිත
රැකෙන්නේ අපෙ නුබ නිසයි
මිලක් නොකරම නුබේ අගයක්
දැනුනදා සැම දෙන නිදයි
මහා ඝන සීතල අයිස් කුටි
ඇයිද දියකර හරින්නේ
මිනිසුනේ!අපි කරන වැඩ
ගැන මීට වැඩියෙන් සිතන්නේ
නුබගෙ බලගතු බලය මිහිපිට
සියලු ජීවින් හට ලැබේවා!
නියම පල ගෙන සෑම මිනිසුන්
සොබාදහමත් ඉන් රැකේවා!
හිරු ගෝලිය උණුසුම අපට ලබාදෙයි.
හිරු අපේ පණ මෙන් නොවන්නේද?
එය නොමැති ලෝකයක් කොයින්දා.
ලියන්නේ සිත්ති සීනත්
