
අවුරුදු දෙකකට කිට්ටුව මම ඔබ හා ඉන්නවා
කෝවිඩ් දහනවය කියල මා හදුනා ගන්නවා
ලෝකෙ ඉන්න හැම දෙනාම මාව හොඳට දන්නවා
ලොක්ඩවුන්ම වී මිනිසුන් බේරෙන්නට බලනවා
මුලු ලෝකෙම මිනිස්සු දැන් නහය කටත් වහනවා
මීටරේ පරතරය තියල දුරස්ථ බව රකිනවා
අත් සෝදල නිතරම වගෙ මා මරන්න බලනවා
අනාගතය සුබ වෙන්නට නුබල සිහින මවනවා
ඒ කාලේ සොබාදහම ආරක්ෂා කෙරුවා
වාතය පිරිසිදු කරලා හොද වාතය බෙදුවා
ගංගා ඇළ දොලේ ජලයපිරිසිදු බව රැකුවා
වෙලා ගත්ත හැම ජරාව ඔන්න ඉතින් මැකුවා
ආයෙත් මම වෙනස් වෙලා නුබල ළඟට එන්නේ
පෙරට වඩා මිනිස්සුනේ ටිකක් දරුනු වෙන්නේ
පැයක් දෙකක් වාතයේම පිනුම් ගගා ඉන්නේ
ගොඩක් මිනිස්සුන් ලෙඩකර අතුරුදහන් වෙන්නේ
පොහොසත් දුප්පත් කියලා මම බලන්නෙ කොහොම
පොඩි ලොකු උස් පහත් කියා නොබලන්නෙමි සැවොම
ජාති ආගමක් කුල මල සොයන්නෙ නැහැ දහම
ඒකරාශී වෙන්න එපා මම ඉන්නවා ළඟම
හරි විදිහට මාක්ස් දාල පරිස්සමෙන් ඉන්න!
කට්ටි කට්ටි එක රොත්තට එපා ළඟින් ඉන්න!
හැම ආරක්ෂක ක්රියාවක්ම අරගෙන වැජඹෙන්න!
බේරිල ජීවිත රැකලා හරි සතුටින් ඉන්න!
ඔබ නිතරම ඔබේ ආරක්ෂාව ගැන සිතා කටයුතු කරන්න.
එය ඔබගේ ජීවිතයේ සතුට රැක දේවි.
සියලු දෙනාම එක්වී වසංගතය තුරන් කිරීමට කටයුතු කරමු
බුද්ධියෙන් කටයුතු කරමු.
ලියන්නේ සිත්ති සීනත්
												
												
	
	
	