ලස්සන වදන්

  1. ජීවිතය නිසිමගට යොමු කරවන්නේ විනීත
    භාවයයි.
  2. ජීවිතය යනු බොහෝ අකුරු අතුරුදහන් වූ
    ප්‍රහේළිකාවක් බඳුය.
  3. ජීවිතයට සීමාවක් තිබේ. කිසිම කෙනෙකුට
    ඒ සීමාව ඉක්මවා යා නොහැකිය.
  4. දයාව මෙන්ම සාමයද ආරම්භ කළ යුත්තේ
    නිවසිනි.
  5. තර්ක කිරීම පහසුය.එහෙත් විසදුමක්
    සෙවීම අපහසුය.
  6. කලාව මිනිසාගේ ආහාරය නොවන බව
    සැබෑය. එහෙත් එය මිනිසාගේ ජීවය බව
    අමතක නොකල මනාය.
  7. කලාව නිරූපනය කරන්නේ මිනිස් ඇසට
    යොමුවන සැබෑ ලෝකයයි.
  8. සතුට රදා පවතිනුයේ ඒ සම්බන්ධයෙන් අප
    තුළ ඇති අවබෝධය මතයි.
  9. මෝඩයා සතුට සොයන්නේ ඈතය.නුවණැත්තා
    සතුට දෙපා මුල රෝපණය කරගනී.
  10. නිදිගත් රුපියලට වඩා අවදියෙන් සිටින
    සතය උතුම්ය.
  11. දරුවන් පෝෂණය කිරීම යනු රටේ අනාගතය
    සදහා ශක්තිමත් පරපුරක් බිහි කිරීමයි.
  12. දරුවන් යහමඟ යැවීමේ හොඳම ක්‍රමය ඔවුන්
    ප්‍රීතිමත්ව තැබීමයි.
  13. නිරෝගිකම පරම ලාභයවේ.
  14. කාලයේ නියම වටිනාකම වටහාගෙන සෑම
    මොහොතකින්ම ප්‍රයෝජනයක් ගන්න.
  15. ජන්ම භූමිය වැදූ මව තරමටම උතුම්ය.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.