
දස මාසය කුස දරලා ජීවියා මෙලොවට බිහිකර
ඉපදුණුදා පටන් දරුව රැක ගන්නව දෙවි සිහිකර
ඇකයෙ හොවා පුන්චි එකා දෙන්නේ ලේ ඇය කිරි කර
රූපය ගැන තකන්නෙ නැහැ ශක්තිමත්ය හිත සවිකර
බඩ ගහගෙන දණ ගහගෙන ඇවිදින්නට දගලනවා
මැණිකක් වගෙ රකිනව ඇය දරුවා පසු පස යනවා
ගතේ සවිය අරගෙන නිතරම දරුවා නළවනවා
ටිකටික ලොකු වෙනව දැකල හරි සතුටින් සැනසෙනවා
කුසගින්නේ සිටියත් ඇය දරු බඩවල් පුරවනවා
මොන අගහිඟකම් තිබුනත් දරුවන් ඇය සුරකිනවා
සැමියාගේ දුක සැප බලමින් හොඳ සැටි වෙහෙසෙනවා
පාන සිනා දැකලා ඇය හදවතින්ම සැනසෙනවා
කොපමණ උස් මහත් උනත් මවුට ඔවුන් පොඩි දරුවන්
දැය රකිනා ලොකු දරුවන් නමක් ලබයි උන් විරුවන්
කැම්පස් එකටත් යවලා මව්වරු හෙලනව සුසුමන්
දිරිය මවකි ඇයට පුදනු සැමදා නුබ ගරු බුහුමන්
අතපය නොකඩා ඇතිදැඩි කර දරුවන් ලොකු කරනා
දීග ගිහින් සමහරු මව්පියන් අමතකම කරනා
සමාජයේ මහළු මඩන් වලට දමා පැන දුවනා
බීපු කිරිත් අමතකයිද?මව්වරු සමහර අඬනා
ගුණදම් පිරිපුන් මිනිසෙකු කලාට සැම ගරු කරනු
සෑම විටම අම්මලාගෙ දුක සැප විමසා සිටිනු
වයසට යන මව්වරුන්ට සුන්දර ආදරෙ පුදනූ
මිනිසත් බව ලබපු උතුම් මිනිසුනි මව් සිහි කරනූ
වයිරසයෙන් බිළිගත් මව් වරු ලෝකේ දසදහසක්
ගැබිණි මව්වරුන්ටත් සුබ පතනෙමි මම සිය දහසක්
සියලුම අම්මාවරුන්ට වේවා ලස්සන දවසක්
දිරිය කතකි මව්වරුන්ට පුදනෙමි මම මල් පොකුරක්
ලියන්නේ සිත්ති සීනත්
1 comments On මව්වරු
Your writings sound genuine and authentic. Shared them with many friends. Wish you all success in writing.