අයිතිය

අතීතයෙ ලියු කතා වස්තුන්
අපේ අයිතිය කියා දෙනවා
කැණීම් කරලා පුරාවස්තුන්
අනේ මිනිසා සොයා යනවා

අහසෙ පායන ඉරකි වටිනා
ඒක ලෝකෙට අයිති වෙනවා
රෑට පායන සඳකි ලස්සන
හරිම සිසිලස අපට දෙනවා

ලෝකෙ ලස්සණ හරිම මනරම්
දසුන් අපෙ සිත් පිනා යනවා
පුදුම සහගත තැන් අනන්තයි
පිහිටි රටකට අයිති වෙනවා

භූමියේ බලගතු වටින දෙය
විකුණලා බලගතුම වෙන්නා
හරිම අසරණ දිළිදු රටවල්
මන්ද පෝෂණයෙන් පෙලෙන්නා

භූමි භාගය දිනා ගන්නට
මිනිස් ජීවිත බිලි ගෙවන්නා
හුස්ම ටික නිදහසේ ගන්නට
ඔක්සිජන් සොයමින් යදින්නා

සාගරය වැසි වනාන්තර හැම දේම ඇත්තේ අප රකින්නයි
සතුන් සිවුපාවුන්ගෙ අයිතිය රැකල දෙමු අපි සැම රැකෙන්නයි

සියලු මිනිසුනි සිතට ගනු මැන කිසිදෙයක් අයිතිය නැතේ
කිනම් හෝ මොහොතකින් නික්මිලා යන්න වෙයි එය මගෙ මතේ

මරණෙ කොතනක ලියැවි ඇත්දැයි මිනිසුනේ අපි නොදන්නී
ඉන්න ටික කාලයේ හොඳ දේ කරල ආදරෙ පුදන්නී

ජීවිතය ගැන සිතීමට කාලය ලැබී ඇත.සියලුම දේ අපගේ ඇස් ඉදිරිපිටම
සිදුවෙමින් ඇත. ජීවිතයට ආදරය කරන්න.
බුද්ධියෙන් කටයුතු කිරීමට වගබලාගතයුතුයි.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.