
ළමා කාලයෙ ගමේ සිට කොළඹටම
අපි සක්මන් කලා
බත් මුල්ද බැඳගෙන ගමේ ඈයොත්
සමග සතුටින් මුසු වෙලා
සැතැපුමක් දුර ගෙවා ඇවිදින්
වේදිකාවට ගොඩවෙලා
යකඩයා හු හඬම නගලා
අපිව කොළඹට ඇරලලා
තොරණ් හැම තැන පාට පාටින්
විදුලි බුබුළුත් දල්වලා
කතා ජාතක හරිම ලස්සන
අපේ සිත් ලස්සන කලා
නූලෙ නටවන රූකඩත් තැන තැනින්
අප හට දිස් උනා
නටන ඔළුබක්කන් දුටුව අපෙ ළමා
සිත් සුන්දර උනා
පහන් කූඩුත් සුළගෙ ලෙලදෙන
කොළඹ ආලෝකය කලා
වෙසක් සඳ නැග ඇවිත්
ඝනදුර මකල මෙත් සිත් මුසු කලා
ගාලු මුවදොර පිටියෙ සැම දෙන
රැස්වෙලා සිරි නැරඹුවා
ගලා ආ සoගීත රාවය
චන්ඩ රළ හා මුසු උවා
බොදුම බැති ගී ගයන ලස්සන
දසුන් හැම අත දිස්උනා
වෙසක් අසිරිය වින්ද සැටි
ඒ කාලෙ හොඳ සැටි සිහිඋනා
ඒ කාලයේ ගමේ විදුලිය තිබුණේ නැත.
කොළඹ වෙසක් සිරිය අපි ඇතිතරම්
සුන්දරව බුක්ති වින්දෙමු.
එය මගේ ළමා කාලයේ ලබපු සුන්දර අත්දැකීමකි.
ඒ වෙසක් සඳ අදත් එලෙසින්ම පායන්නේය.
එහෙත් සියල්ල වෙනස්වී ඇත.
එදා සතුට අද මිනිස්සුන්ගේ සිත්වල නැත.
තරගෙට මෙන් වෙස්මුහුණුද එකතු කලේය
ලියන්නේ සිත්ති සීනත්