
රාත්‍රියෙ මම හරිම නිහඬයි
සියලු සත්වයො නිදනවා
හිරුගෙ සුන්දර කිරණ වැටිලා
මගේ නිදිමත බිදෙනවා
චන්ඩ රළ පෙළ හරිම කලබල
නුඹල හට බය හිතෙනවා
බෝට්ටුද, නැව්, ට්‍රෝල යාත්‍රා
මාව යටකර පදිනවා
පතුලෙ කිමිදී සොයයි මිනිසා
වටින දෑ ගොඩ ගන්නවා
හරිම බලගතු නුඹල දන්නැති
යන්න බැරි තැන් තියෙනවා
මිනිස්සුන්ගේ නොසැලීකිලි කම්
වලින් මා සිත රිදෙනවා
මගේ ලස්සන කොරල් මාළුන්
ජලජ පැල ඉන් මැරෙණවා
ටොන් ගනන් නොදිරනා දේවල්
වලින් මගෙ ගත පිරෙනවා
රසායන දේවල්ද වැටිලා
මගේ පරපුර නැසෙනවා
හැම දිසාවෙන් සෑම දාමත්
යසට මගෙ දේ නෙලනවා
දහස් ගානින් ඒව විකුණල
ඩොලර් කාසී සොයනවා
නැවෙන් විසිඋන ප්ලාස්ටික් ඇට
වෙරළේ හැම තැන විසිරිලා
දරු පැටව් මගෙ ඒව කාලා
විෂම වතුරේ දිය වෙලා
කරන කෙනෙහිලි නුඹල මා හට
කොහොම නිහඩව මා සිටින්නේ?
පසුතැවෙන විට දවස් ගෙවිලා
සොබාදහමත් නැගී ඉන්නේ
ඔක්සිජන් වැඩි පුරම දෙන්නේ
නුඹල සැම හට මම තමයි
මගේ අයිතිය රැකල දෙනු!
මහ සයුර මම බලගතු ඉතින්!
මහා පරිණාමයෙන් නෙලනා
මගේ සම්පත් ගැන සිතන්
මගේ අයිතිය රැකල දෙනු!
මහ සයුර මම බලගතු ඉතින්
ඔක්සිජන් වැඩි පුරම දෙන්නේ
නුඹල සැම හට මම තමයි
මාව වනසා නුඹල නැසෙනා
අනතුරකටම අත වනයි
සයුරේ ජීවය මිනිසාගේ ජීවයයි.
එය වනසා දැමීම අනුවන ක්‍රියාවලියකි.
අපේ සුන්දර සයුර අපි රැක ගැනීමට කටයුතු කරමු.
ලියන්නේ සිත්ති සීනත්