
සොබාදහම උරණ වෙලා
පරිසරයම අඳුරුයි
තට්ටු ගෙවල් ඉදිකරලා
හරිම සුපිරි මැදුරුයි
දිළිදු ඈයො නිදාගන්නෙ
දාගෙන බිම පැදුරුයි
මිනිස්සුන්ගෙ අයිතිය දෙනු
එහෙම උනොත් සොදුරුයි
අහසෙ වළා කළු පාටයි
හිරු හැන්ගිලා අහසේ
වළාකුලුත් අඬනවානෙ
දෙගිඩියාව මනසේ
සොබාදහම රැකියයුතුයි
මිනිසුනි අපි පණසේ
කෙනෙහිලි කම් කෙරුවොත්
හැම ජීවියාම වැනසේ
දසදහසින් ගං වතුරට
කොටුවෙලානෙ ඉන්නේ
නාය ගිහින් අවිහින්සක
ජීවිත නැති වෙන්නේ
ඒ මිනිසුන් හට නැහැ
කෝවිඩ් දැන් සිහි වෙන්නේ
පණ නළ රැකගන්න සැවොම
හරිම වෙහෙස ගන්නේ
දාලා කුණු අවධිමත්ව
කාණුත් හිර වෙන්නේ
පොළිතින් නොදිරන දේ
පරිසරය නැති කරන්නේ
කපලා ගස් වනාන්තරෙත්
අඩු කරලා ඉන්නේ
පරිසර දෙව්දුව මිනිසුනි
රකුනොත් ගොඩ යන්නේ
ගොඩබිම මදිවට මහ සයුරත්
දූෂණ වන්නේ
අහිතකරම ගිණිගෙන දැවෙනා
දේ මුසු වෙන්නේ
දහස් ගණන් රැකීරක්ෂා
දුකකි අහිමි වන්නේ
ටිකක් දෙනෙක් කමක් නැද්ද?
ඒකෙන් ගොඩ යන්නේ
අපෙ බඩගිනි නිවනා පරිසරයට
ගරු කරමූ!
ගංගා ඇළ දොළට විෂත්
එපා මිශ්ර කරනූ!
ජීවිත නැති කරල දාල
එපා කාසි සොයනූ!
ලෝකය සුන්දර කරලා
සියලු ජීවි රකිනූ!
අද ජගත් පරිස දිනයයි. අවිහින්සක මිනිස්සුන්
කොපමණ දෙනෙක් ඒ සුන්දර පරිසර ආපදා නිසා
දුක් විදිනවාද? අවිධිමත් ක්රියාවලියන් බොහොමයක්
නිසා පරිසරයත් අපට සලකනවා නොවන්නේද ?
ලියන්නේ සිත්ති සීනත්