
හැම දරුවම නිවෙස් වලට
කොටුවෙලානෙ ඉන්නේ
පාසල් යන දෙමව්පියන්
හොඳට ඒව දන්නේ
ඔන් ලයින්ම ඉගෙන ගන්න
උන් හට සිදු වෙන්නේ
ඩේටා, දුරකතන නැතුව
සමහරු ලත වෙන්නේ
පාසැලේදි ටීචර්ලා හොඳට
උගන් වන්නේ
ගතියක් නැහැ “අනේ අම්මෙ”
සමහරු කියවන්නේ
මගෙ යාළුවෝ දැක්කෙ නැහැනෙ
හරිම දුකින් ඉන්නේ
පුන්චි උන්ගෙ ටිකිරි සිනහ
අඩු වේගෙන යන්නේ
පිට්ටනියේ දුව පැන නටමින්
සෙල්ලම් කෙරුවා
ගෙවල් ඇතුළේ රූප පෙට්ටි
පිට්ටනියක් සෙව්වා
ඔන් ලයින්ම ගේම් ගහල
පුරුද්ද ඔඩු දිව්වා
මනෝ ඩොක්ට කෙනෙක් ළඟට
දරුවා යොමු කෙරුවා
හිමිදිරියෙම නැගිටින්නට
දරුවා කම්මැලිලූ
සමහරු ඔන් ලයින් මැද්දෙ
අනේ ජයට නිදිලූ
ලැප්ටොප් එක ඉල්ලනවා
ෆෝන් එකත් මදිලූ
අසරණ මව්පියන් කොහොම
සපුරාලා දෙනුලූ
පාසලේදී ක්‍රියාකාරකම්
දරුවන් කෙරුවා
බාහිර වැඩ ආසාවෙන්
අලසකමින් මිදුවා
නායකකම් උගන්වලා
හික්මීමක් සැදුවා
වයිරසයක් ඇවිත් අනේ
ලොක්ඩවුනම කෙරුවා
අවුරුදු පහළොවක දැරිය
අපයෝජන කරලා
සමාජයත් මානසිකව
ප්‍රපාතයට වැටිලා
පීඩනයෙන් මිරිකෙනවා
දිනෙන් දිනම වැඩිලා
අනාගතයෙ දරුවන් ගැන
චිත්‍රය දැන් මැවිලා
පොතක් පතක් කියවන්නට
දරුවන් හුරු කරනූ!
හැම මොහොතෙම දුරකතනය
අවම කරන් බලනූ!
සොබාදහමේ අසිරිය විදිනට
උන් හුරු කරනු!
දරුවව “ජය මාවත” වෙත
තල්ලුකරල දිනනු!
මේමොහොතේ දරුවන් ගෙවන ජීවිතයක සටහනකි.
ළමා කාලය නොසිතූ ලෙසින් අහිමිවී ඇත.
එහෙත් දරුවන් දැනුමෙන් පෝෂණය කල යුතුව ඇත.
දරුවන්ට ආදර්ශයක් වන්න.උගන්වන්න. හොඳ මාර්ගයකට යොමුවන්නට
ඔබ උදව් කරන්න. අනාගතයට හොඳ පරපුරක් බිහිවේවා යන්න මගේ පැතුමයි.
ලියන්නේ සිත්ති සීනත්
