ලස්සන වදන්

  1. දියට නොබැස පිහිනිය නොහැක.
  2. ජීවිතය වනාහි හිස් කිරීමට ඇති
    බඳුනක් නොව පිරවීමට ඇති හිස්
    බඳුනකි.
  3. ආගමික දැනුමෙන් තොර උගත්
    කමින් වැඩක් නැත.
  4. කල්දැමීම හේතුකොටගෙන කාලය
    සොරාගනු ලැබේ.
  5. සේවය හොදින් ඉටුකරන්නා ප්‍රතිලාභ
    ලබාගනී.
  6. නිලධාරී වාදය යනු හැකිදේ නොහැකි
    දේ බවට පෙරළීමේ වාදයකි.
  7. මෝඩයන්ගෙ අගය අප මෝඩයන්ට
    ණය ගැතිය. ඔවුන් නොසිටින්ට අනෙක්
    අයට සාර්ථක වන්නට නොහැක්කේය.
  8. දෙවියන් වැඩසිටින්නේ වැඩකරන
    ජනතාව තුලය.
  9. වගා කිරීම, අස්වැන්න නෙළා ගැනීම
    තරම් පහසු නොවේ.
  10. ඉඩම්ද මෙවලම්ද දිය යුත්තේ එයින්
    වැඩ ඇති අයටයි.
  11. අප එකිනෙකාට උදව්කළ යුතුය.
    සොබාදහමේ නීතිය එයයි.
  12. හොඳ සදාකාලිකයි නරක
    තාවකාලිකයි.
  13. බොහෝ දෙනෙකුට නැත්තේ
    ශක්තිය නොව අධිෂ්ඨානයයි.
  14. මිනිසා විසින් සමාජයට කළ හැකි
    ලොකුම සේවය ආදර්ශමත්
    ජීවිතයක් ගත කිරීමයි.
  15. යුක්තිය නැති වැඩවලින් මුක්තිය
    ලැබිය නොහැකිය.

පොත පත ඇසුරෙන් සකසන ලදිමි

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.