
දිනෙන් දිනම මිල ඉහළට
නගිනව බඩු මිල
කෝවිඩ් අස්සෙත් ඇසෙනා
රසම කතා එල
වී වපුරා අස්වැන්නක්
ලබන්න බැහැ තල
දැනෙනවා මට හැම මිනිහට
පැනලා දැන් මල
කීරි සම්බ දෙසිය විසි
පහක් වෙලා රාලේ
හැත්ත ගණන් පෝලිම් වල
ලැග්ගනෙ අපි බාලේ
ගැහැණියක්ට බැහැ දාගෙන
යන්නට දැන් මාලේ
එපා වෙලා සමහරුන්ට
කරනා රස ආලේ
පොල්තෙල් කාලක් එකසිය
හැත්තෑවක් වෙනවා
අසරණ මිනිසුන් හුල්ලලා
දැන් සැන සෙනවා
මෝල් හිමිය අතර මැදිය
හොදට ගසා කනවා
පාරිභෝග සේවාවත් ගොළු
බව සුරකිනවා
“බීජ අලය” තියෙනව පොහොරත්
ගොවින්ට නැතිලු
වගා කරපු එළවලු ටික
විකුන ගන්න බැහැලු
වෙළෙඳ පොලට ලැබෙන
සහල් හොදටම අද මදිලු
කිලෝ නැතුව ග්‍රෑම් සියය
පනහ ගන්න වෙයිලු
දරුවන් බඩගින්නේ අඬනු
බැහැනෙ බලන් ඉන්න
උගස් තියපු රන්බඩු ටික
වෙලාලු දැන් සින්න
දුප්පත් පොහොසත් සැමහට
එකයිනෙ බඩගින්න
බලධරයිනි, මිල අඩුකර
රකිනවාද ඔන්න
මහ පරිමාණයෙන් කරන
වoචා නවත්තන්න!
සාධාරණ පාලන මිලකට
බඩුටික දෙන්න!
ගෑස්, හාල්, තෙල්, පොල් මිල
හොදට අඩු කරන්න!
කාල බීල ජීවත් වෙන්නට
මගියට දෙන්න!
කෝවිඩ් හමුවේ ප්‍රශ්න රැසකට ජනතාව මුහුණ පා
සිටින්නේය. ඒ අතර ජීවන බර තවතවත් පීඩනයට
පත්කරන්නේය. ශරීරය ශක්තිමත් කිරීමට පෝෂණ
ගුණය සපිරි ආහාර ලබාගත යුතු නොවන්නේද?
අපේ අනාගත පරම්පරාව බුද්ධියෙනුත් පෝෂණයෙනුත්
සවිමත් කල යුතුයි.ගොවියා නගා සිටුවිය යුතුමයි.
ආර්ථිකය ශක්තිමත් කරමු.
ලියන්නේ සිත්ති සීනත්
