පියවරුන්ගේ දිනය

පවුලක බරම කරමත
අරගෙන සොදිනා
ජීවන ගමන පදවනවා
මන බඳිනා
දරුවන් හොදට ලොකුකර
උන් ජය ලබනා
පියවරු අතිඋතුම් මේ
ලෝකේ දකිනා

ගොවිවරු උදාරයි රට
ගොඩ නගන්නේ
බත සපයලා අපෙ
සාගිනි නිවන්නේ
අනාගතය උදෙසා
දුක් විදින්නේ
කම්කරු ශ්‍රමය පිදිලා
අපි රැකෙන්නේ

පැය අට වැඩබිමේ තම
කාලය ගෙවනා
නිවසට ඇවිත් දරුසෙනෙහස
වෙයි සොයනා
දරුවනි, බිරිඳ පිදුවොත්
ආලය සොදිනා
පව්ලත් සුන්දරයි රට
ලෝකෙත් රැකෙනා

කන්දක් විලස සෙනෙහස
පපු උහරෙ ඇතී
පෙන්වන් නැහැනෙ සැමහට
ඒ ඔහුගෙ ගතී
වයසට ගියත් සෙනෙහස
අඩු වෙලා නැතී
පුදනෙමි සියලු පියවරු
හට මගේ තුතී

පිය සෙනෙහසට සැමදා මා
හිස නමමී
උතුරා ගියෙමි ඒ සෙනෙහස
මම ලදිමී
ඔහු නැති උනත් ඒ ඔරු කඳ
මා පදිමී
නුඹ මට වීරයෙකි අදටත්
සිහි කරමී

මේ මාගේ ලෝකයේ ඒ “වීරයා” ගැන සටහනකි
පිය සෙනෙහස අහිමි වූ දරුවන්ටත් මටත් ඔහු මහා
ශක්තියක් විය.

නොමද රැකවරණය ඔහු මට ලබා දුන්නේය
ඒ සෙනෙහස මගේ ජීවන ගමනට මහා රුකුලක් විය
ඔහු වයස අවුරුදු 93 දී මිය ගියේය.

නීතිපති දෙපාර්තමේ න්තුවේ වසර 65ක කාලයක් ඔහු
සේවය කලේය.

ඒ ජීවන ගමන හරිම සැහැල්ලු එකක් විය.
ඒ උතුම් චරිතයට අදටත් මා ගරු කරමි.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.