
1.දෝෂාරෝපණයට ලක්වන
ළමෝ හෙලා දකින්නට
උගනිති.
2.සතුරුකමට බඳුන් වන
ළමෝ අරගල කරන්නට
උගනිති.
3.බියෙන් පෙළෙන ළමෝ
සැකයෙන් ජීවත් වීමට
උගනිති.
4.අනුකම්පාවට බඳුන් වන
ළමෝ ආත්මානුකම්පාවෙන්
පෙළෙන්නට උගනිති.
5.අපහාසයට බඳුන්වන
ළමෝ ලජ්ජාවෙන්
හැකිලීමට උගනිති.
6.ඊර්ෂ්‍යාවට බඳුන්වන
ළමෝ අනුන්ට ඊර්ෂ්‍යා
කරන්නට උගනිති.
7.ලජ්ජාවට බඳුන්වන
ළමෝ වරදකාරි
හැගීමෙන් පෙළෙන්නට
උගනිති.
8.දිරි දීමට බඳුන්වන ළමෝ
ආත්ම විශ්වාසය උගනිති.
9.ඉවසීමෙන් යුතු
පරිසරයක වැඩෙන
ළමෝ ඉවසීම උගනිති.
10.පැසසුමට ලක්වන
ළමෝ අගය කරන්නට
උගනිති.
11.පිළිගැනීමට බඳුන් වන
ළමෝ ආත්ම ගවුරවය
උගනිති .
12.අනුමැතියට ලක්වන
ළමෝ තමන් අගය
කරන්නට උගනිති.
13.ගරු සරු ලෙස සැලකුම්
ලබන ළමෝ ජීවිතයට
අරමුණක් තිබීමේ
වැදගත්කම උගනිති.
14.බෙදා හදා ගන්නා
පරිසරයක වැඩෙන
ළමෝ ත්‍යාගශීලීත්වය
උගනිති.
15.අවoක පරිසරයක
ජීවත්වන ළමෝ
සත්‍යවාදි වෙති.
16.සාධාරණත්වයට
බඳුන් වන ළමෝ
යුක්තිසහගත වන
සැටි උගනිති.
17.කාරුණික පරිසරයක
වැඩෙන ළමයි ගරු
කරන්නට උගනිති.
18.සුරැකී පරිසරයක
වැඩෙන ළමයි විශ්වාසය
තැබීමට උගනිති.
19.මිතුරු පරිසරයක
වැඩෙන ළමෝ ලෝකය
ප්‍රසන්න ස්ථානයක් බව
උගනිති.
අපේ දෘරුවගේ මුල්ම ලෝකය පවුලයි. ඔවුන්
දහසක් දේ අපේ ජීවිතයේ සාමාන්‍ය සිදුවීම් වලින්
ඉගෙන ගනිති. එනිසා සෑමවිටම හොඳම
පණිවිඩය ලබා දීමට කටයුතු කරන්න.
(පොත පත ඇසුරෙන් සකසන ලදිමි)
ලියන්නේ සිත්ති සීනත්
