
ළමා කාලෙ හරි වැදගත්
වැඩිහිටියකු වන්න
පුoචි සිතට දැනෙනා දේ
පවසන්නට දෙන්න
කොටු කරගෙන බැහැ
සැමදා මනස හදා ගන්න
සුදුසුම වැඩ පිළිවෙලකට
තීරණයක් ගන්න
වැඩ පොත් පෙරළාගෙන
දරු ගේම් ගහනවාලු
උන්ගේ කුසලතා එහෙම
අනේ මොට වෙලාලු
නිර්මාණයෙ ශීලතාව
ඒකත් දැන් නැහැලු
පෝන් එකත් පොළවෙ ගසා
දඩුවම් දෙනවාලු
හයෙන් පස්සෙ අනේ ක්ලාස්
එපා කියනවාලු
කළුවර වැටුනම කොහොමද
ගස් නගින්නෙ යාළු
මහ වැස්සක් ඇද හැලුනම
අනේ ක්ලාස් නැහැලු
දූ දරු මව්පියන් සැවොම
සිහින දකිනවාලු
ආදරයෙන් සතුටින් බැහැ
ඉගෙන ගන්න ඕවා
යාළුවො හා එකතු වෙන්න
උන් කැමැතියි කීවා
පිට්ටනියේ දුවල පැනල
වතුර ටිකක් බීවා
අනේ උන්ගෙ ළමා කාලෙ
නැවත ලබා දේවා
නව උත්පාදන දරුවන් බිහි
කරන්න දක්සයි
වාද විවාදයක් කරල
උන්ගෙ මනස උස්සයි
අනාගතේ වෙන්න තියෙන
හානිය හරි ඉහළයි
ආර්ථිකය වගේ මේක
සෙව්වෝතින් කදිමයි
අපේ අනාගත පරපුර
යහමඟ යොමු කරමු
හොඳ යහපත් ළමුන් විලස
උන්ගෙ ගමන යවමු
බලධාරීන් තීරණ ගෙන
අනාගතය රකිමූ
ටිකිරි සිනහ මැළවෙන්නට
නොදී රැකල දිනමූ
අනාගතයේදී ළමුන් පවා “දියව්” යන මානසිකත්වයක්
ගොඩ නගාවි. ක්‍රියාශීලිත්වයෙන් තොර පරපුරක් බිහි වේවි.
මේ ක්‍රමය සියල්ලන්ටම එක සමාන නැත. ජනග්‍රහණය මෙන්
දෙගුණයක් පෝන් ඇති අපේ රටේ එය නොමැතිව
ජීවත් වන පවුල්ද නැතිවා නොවන්නේද දරුවන්ගේ
අනාගතය ගැන සිතා දැන්ම ක්‍රියා කල
යුතු කාලය එළඹ ඇත.
ලියන්නේ සිත්ති සීනත්
