
අවුරුදු මිලියන දෙසීය
ඊට වඩා කාලේ
සාගරයේ පිහිනනවා අපි
දැක්කනෙ බාලේ
වාරකන්ම කාලෙට උන්
මැරෙණවාලු රාලේ
උන් පිච්චිලා වැල්ලේ තැන
තැන මතුවෙන තාලේ
අවල් පත්ම යුගල් දෙකක්
ගෙලක්, හිසක් තිබෙනා
උඩු යටි කබොලකින් වැසිල
වළිගයක්ද රැකෙනා
පාට පාර හරි ලස්සන
අහිංසකයි දකිනා
සාගර දියවැල්ද සමග උන්
ඈතට ඇදෙනා
ලෝකෙ පුරා උන් විශේෂ
හතක් ඉන්නවාලු
අපේ රටේ ඉන් පහක්ම
බලාගන්න හැකිලූ
බිජු ලන්නට ඉපදුණු ඒ
වෙරළෙ ඇදෙනවාලු
දින හැටකින් බිජු පුපුරා
පැටව් සෑදෙනවාලු
හැටත් එකසියම විස්සක්
වරකට බිජු දමතී
වැල්ලේ වලක් හාරාලා ඒ
බිජුටික රැකෙතී
ලස්සන පොඩි පොඩි පැටවුන්
මුහුද වෙතට දුවතී
සමහරු ගොදුරක් වීලා
උන් පණ නල නැසෙතී
මේ වනවිට දෙසීයකට
කිට්ටුව උන් මැරිලා
ඩොල්පින්ලද, තල්මසුන්ද
වෙරළට ගොඩ ගසලා
මාලු දැල්ද වලට පැටලි
උන් ජීවිත පුදලා
හදවත් අපෙ සසල වෙනව
සිදුවෙන දේ දැකලා
දුටුවා මා අපේ රටෙත්
සංරක්ෂණ කරනා
අනාගතයෙ පරපුරකට
ඒක හරිම වටිනා
සාගරයේ උන් අයිතිය
මිනිසුන් නැති කරනා
වදවීගෙන උනුත් යයිද?
නෙතට කඳුළු උනනා
කොන්ගා දූපත්වල (හවායි) Tu’i Malila නම් කැස්බෑවා
අවුරුදු 188ක් ජීවත්ඌ බව සදහන්ය.
ආහාර ලෙස ඇල්ගී හා ජෙලිෆිශ් අනුභව
කරති.සාගරයේ ඇති පොලිතින් බෑග් (සිලි සිලි)
ජෙලිෆිශ් යයි සිතා උන් ඒවා ආහාරයට ගන්නවා
අපගේ මිනිස් ක්‍රියාකාරකම් නිසා උන්ට අත්වී ඇති
ඉරණම ගැන අපම සිතා බලමු.
ලියන්නේ සිත්ති සීනත්