එහෙම වෙන්නෙ ඇයි?

1.කහඹ්ලියා ගෑවුන විට
දැවිල්ල ඇතිවන්නේ ඇයි?
කහඹ්ලියා පැළෑටියේ
පෝමික් නමැති අම්ලය
අඩoගු වේ. මේ අම්ලයේ
ඇති විෂ සහිත බව නිසා
දැවිල්ල ඇති වන අතර
පලු ඇතිවීමද සිදුවිය
හැකිය.

2.මී පැණි බොහෝ කල්
ගත වුවත් නරක්
නොවන්නේ ඇයි?
මී පැණි තෙතමනයෙන්
තොර නිසා බැක්ටීරියා
සෑදීමට අවශ්‍ය සාධකයක්
වන ජලය නොමැති
වීමෙන් බැක්ටීරියා
වර්ධනයක් සිදු නොවේ.

3.පුවක් ගෙඩියක් පිහියෙන්
කපනවාට වඩා ගිරයෙන්
කපන විට පහසු වේ.
ගිරයේ ආයාස බාහුව
බාර බාහුවට වඩා දිගින්
වැඩි නිසාත්, පිහියේ
ආයාස බාහුව කෙටි
නිසාත්ය.

4.මුහුද අයිනේ වැවෙන
පොල් ගස් මුහුද දෙසට
නැමී පවතින්නේ ඇයි?
ශාකයක
ප්‍රභාසංස්ලේෂණ කාර්යය
සඳහා ආලෝකය
අවශ්‍ය වේ. ඒ නිසා
වැඩිපුර ආලෝකය ලබා
ගැනීමට පොල්ගස මුහුද
දෙසට නැමේ.

5.හුළු අත්තක් ගෙන
යාමේදී නිතරම ඒ මේ අත
වනන්නේ ඇයි?
හුළු අත්ත ඒ මේ අත
වැනීමේදී දහනයේදී
සෑදෙන අළු, කාබන්
ඩයෝක්සයිඩ් වැනි දේ
ඉවත් වී එය දැල්වීමට
අවශ්‍ය දහන පෝෂක
වායුව වන ඔක්සිජන්
පහසුවෙන් ලබා ගනී.

6.විකිණීමට ඇති ඉදිකටු
ඇලුමිනියම් පත්‍ර වල ඔතා
තබන්නේ ඇයි?
ඉදිකටු සාදා ඇත්තේ
වානේ වලිනි.වානේ
යකඩ ආදියට වඩා
ඇලුමිනියම්වල
සක්‍රීයතාවය වැඩිය. මේ
නිසා වාතයේ ඇති ජල
වාෂ්ප, ඔක්සිජන්
ඇලුමිනියම් සමග
ප්‍රතික්‍රියා කරයි. වානේ
ඉදිකටු ආරක්ෂා වෙයි.

7.වී කෙටීමට පෙර
තම්බන්නේ ඇයි?
වී කෙටීමට පෙර
තැම්බීමෙන් සහල් ඇටය
මතුපිට ඇති පෝෂණ
කොටස් සහල් ඇටය
තුලට උරා ගනී. එමෙන්ම
සහල් කැඩෙන්නේ නැත.

8.ලුණු ලේවායන්වල
නිශ්පාදනය කරන ලුණු
ටික දිනක් ගොඩගසා
තබන්නේ ඇයි?
ලුණු නිශ්පාදනය කරනු
ලබන්නේ මුහුදු ජලයෙනි
ඒ තුල විවිධ වූ ලවණ
වර්ග ඇත. සමහර ලවණ
වර්ග තිත්ත රසයෙන්
යුක්ත වේ. ඒවා දියවී
යාමට ලුණු ගොඩගසා
ටික කලක් තබනු ලැබේ.

9.වැඩි වේලාවක් පිහිනන
විට මස් පිඩු
පෙරළෙන්නේ ඇයි?
මස් පිඩු වලට අවශ්‍ය
ඔක්සිජන් නොලැබීම
නිසා ඒ තුල ලැක්ටික්
අම්ලය නිපද වේ.
මේ නිසා මස්පිඩු
පෙරළීම සිදුවේ.

10.ශරීරයේ අයඩින් ඌණ
වූ විට ගලගණ්ඩය
ඇති වන්නේ ඇයි?
තයිරොයිඩ් ග්‍රන්ඵිය
මගින් නිපදවන
හෝමෝනයක් වන
තයිරොක්සින්
නිපදවීමට අයඩින්
අවශ්‍ය වේ. අයඩින්
ඌණ වූ විට තයිරොයිඩ්
ග්‍රන්ඵිය විශාල වේ.
මෙය ගලගණ්ඩය ලෙස
හඳුන්වනු ලැබේ.

පොත පත ඇසුරෙන් සකසන ලදිමි

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.