
රන්වන් පාටයි ඇග පත
ගුමු ගුමු නාදය නගයි
සැතැපුම් ගානනක් පියඹා
සොයා යන්නෙ උන් මලයි
ලෝකෙ තියෙන හොඳම
බෙහෙත “මී පැණි”යන නම ලබයි
කඩිසරකම හරි ඉහළයි
රොන් ගන්නේ උන් රැළයි
හිසේ දෙපස ඇන්ටනාව
පිහිටාලා ඇත්තේ
ලොකු ගස්වල මී වදයක්
බැන්දා, අපෙ වත්තේ
ළමා ළපටි බයම වෙලා
එන්නැහැ ඒ පැත්තේ
ඇවිස්සුවොත් එකමුතුවී
“වදය” රකියි රොත්තේ
මලින් මලට ඉගිලීලා
මල් පැණි උන් සොයනා
රැජිනිව වටකරගෙන
මැස්සන් මැස්සියො රකිනා
කොහොමද කාමර සදලා
සතුටින් උන් සිටිනා
ජනපදයක් වනසාලා කාසි
වලට මනිනා
කොහොමද මෙතරම් පැණියක්
මලින් ගන්නෙ නුඹලා
වනාන්තරේ උස ගස්වල
ලස්සණ මල් පිපිලා
ඒ මල්වල පැණි අරගෙන
එනවද මල සිඹලා
ආසයි අපි බලන් ඉන්නෙ
යන්නෙ හැටට පිඹලා
ලෝකෙ පුරා මැසි විශේෂ
විසිදාහක් සිටිනා
එකසිය පනහක් ඉන්නවා
අපේ රටේ වටිනා
සුවඳින් හා නර්තයෙන්
අනගි රැගුම් රගනා
සොබාදහමෙ ජීවය උන්
හරි ඉහළයි රකිනා
සියලුම මී මැස්සන්ගේ
අම්මා මව් රැජිනමයි
සියයයටම අනූ පහක්
ඉන්නේ වැඩ කාරයොයි
උන්ගේ ජීවන චක්‍රය
දෙස බලන්න සුපිරිමයි
අපිත් ගමුද ආදර්ශය
සොබාදහමේ උරුමයයි
ලියන්නේ සිත්ති සීනත්
