
ගුරු දෙගුරුන් අගයමි මම
අකුරු කියා දුන්නා
ආසාවෙන් කියනා දෙය අපි
අහගෙන උන්නා
ලොකුවට දඟ වැඩක් කලොත්
කෝටු පාර දුන්නා
බුද්ධිය පෝෂණය කරල
අනාගතය මැන්නා
හිමිදිරියේ අවදි වෙලා
පාසල වෙත එන්නේ
දුශ්කර ගම්මානෙ ඇවිදලානෙ
ගමන යන්නේ
“ටීචර්” යනු ඇයත් මවකි
දරුදුක හදුනන්නේ
“තාත්තා” ගුරු පියෙක් වෙලා
ණැනස පාදවන්නේ
හැම දරුවා ගැන විස්තර
ගුරු දෙගුරුන් දනිතී
මුළු පාසැලෙ විනය ඉතාමත්
ඉහළින් රකිතී
ඉගෙන ගත්ත හැටි සතුටින්
මගේ මනසෙ මැවෙතී
හෝඩි පොතේ අකුරු වලින්
කවියක් මා ලියතී
සියලු බුද්ධිමතුන් තැනට
ආවෙ දෙගුරු හින්දා
ඉන්නේ අද හරි ඉහලින්
හොඳටම මන බන්දා
දෙගුරුන්ගේ කැප කිරීම
හරි ඉහළින් රන්දා
දරුවන් අපෙ අනාගතය
උගන්වන්න කැන්දා
ඉගෙන ගන්න ඔන්ලයිනුත්
එපා නැති කරන්න
අපේ රටේ දරු පරපුර
යහමඟටම ගන්න
ප්රශ්න ඇතොත් සාකච්ඡා
කරලා විස දන්න
දරුවන් අපෙ සියලු දෙනගෙ
සිතා වැඩ කරන්න
මේ ගෙවීයන වසර දෙකක
කාලයක් දරුවන් අසීමිත
පීඩනයක් විදින්නේය
ළමා මනසට අසීමිත බරක්
යයි වරෙක මට සිතේ
ආදරණීය ගුරු දෙගුරුනී,
ඔබගේ යුතුකම දරුවන්
වෙනුවෙන් කැප කරන්න.
ලියන්නේ සිත්ති සීනත්
