අන්තර් ජාලය

තක්ෂිලාව අගුල් වැටිල
ගෙදර ඉගෙන ගන්නේ
බිත්ති හතරෙ කොටුවීලා
අපේ දරුවො ඉන්නේ
ලැප්ටොප් එක ස්මාට් පෝන්
ජයටම බැබළෙන්නේ
ඒකෙ ඇතුලෙ තක්ෂිලාව
බැහැල උගන්වන්නේ

ජූනි දාහතත් ජූලිම විසිහත්
වෙනි දාට
අසභ්‍ය දර්ශන වීඩියො
ලැබිලාලුනෙ පාට
දහඅටදාහක් සැරිසරනවාලු
හරි රහට
පොලීසියෙන් පන්නනවලු
කියන්නෙ දැන් කාට

වැඩි වැඩියෙන් දරුවන්
අන්තර්ජාලයෙ වෙසෙනා
එම නිසාම වැරදි ක්‍රියා
වල පැටලී සිටිනා
මානසිකව ආතතියත් හරි
හරියට තියෙනා
දරුවන් හරි මගකට ගත්තොත්
මවිපිය දිනනා

බාල වයස් දරුවන් ගැන
ඇසෙනා දේ දුකකී
ඒ ඉන්නෙත් අපේ රටේ
අවිහින්සක කැලකී
මල් කැකුලක් තලාදාන
එකනම් මහ පවකී
ඇයත් ලොවේ පිපෙනා
සුන්දර ලස්සන මලකී

විද්යා,සේයා, ඉෂාලනි
මතකෙට නැගුනා
ඇසිය නොයුතු කතා පෙළක්
හරිම දුකයි ඇසෙනා
වරදට දඬුවම් උපරිමයෙන්
දුන්නොත් සොදිනා
අනාගතයෙ හැම දරුවම
එහෙම උනොත් දිනනා

ළමා නිවාසයෙත් දරුවන්
අනාරක්ෂිතයි. විශ්වාසය
කොහිද ඇත්තේ?
ඉතාමත්ම ඉක්මනින්ම
නීතිය තදින් ක්‍රියාත්මක
කලයුතු කාලය එළඹ ඇත.
දෙමව්පියනි ඔබේ දරුවා
සුරකින්න.

විද්යා, සේයා, ඉෂාලනි
මතකෙට නැගුනා
ඇසිය නොයුතු කතා පෙළක්
හරිම දුකයි ඇසෙනා
වරදට දඬුවම් උපරිමයෙන්
දුන්නොත් සොදිනා
අනාගතයෙ හැම දරුවම
එහෙම උනොත් දිනනා

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.