
1.ඉර උදාවන්නට ප්‍රඵම
අවදිවිය යුතුයි.
2.වැඩිපුර මුදලක්
ලැබුණොත් එය ආපසු
දෙන්න.
3.හොඳ සිරිත් යනු අපගේ
හැදුනුම් පතය.
4.පළමුවෙන් පැමිණි
කෙනාට අවස්ඵාව
දෙන්න.
5.තම වාරය එනතුරු
ඉවසා සිටිය යුතූය.
6.දැන දැන වැරදි කිරීම
හොඳ නැත.
7.තමන්ගේ තරම
දැනගෙන (ආදායම,
උගත්කම, හැකියාව)
කටයුතු කිරීම හොඳය.
8.උත්සාහවන්ත වීම
හොඳය.දෙවියන් පවා
උදව් කරන්නේ නිකo
සිටින්නාට නොව
උත්සාහවන්තයාටය.
9.තමන් ළඟ වැරදි
තියාගෙන අන් අයට
ඇඟිල්ල දිගු
නොකරන්න.
10.චාම් ජීවිතයට හුරුවීම
හොඳ සිරිතකි.මූලික
අවශ්‍යතා ඉටුකර ගෙන
බාහිර වියදම් අවම
කරගෙන තරගකාරී
නොවී ජීවත් විය යුතුය.
11හැම පරාජයක්ම හැම
වේදනාවක්ම වෙස්
වලාගෙන එන
ආශිර්වාදයක් කර ගන්න
12.වර්තමානයේ ජීවත්
වන්න.අතීතයේ හෝ
අනාගතයේ හෝ ජීවත්
නොවන්න.
13.අන් අයගේ විශ්වාසය
දිනාගත හැකි පරිදි
කටයුතු කරන්න.
14.නිතරම තව කෙනෙකුට
ආදර්ශයක් ලබාගත
හැකි ලෙස හැසිරෙන්න.
15.ඉගෙනුම ලබන කාලයේ
ඉතා දක්ෂ ලෙසත්
කඩිසරව හා නිසිලෙසත්
ඉගෙන ගත යුතුය.
පොත පත ඇසුරෙන් සකසන ලදිමි
ලියන්නේ සිත්ති සීනත්
