
කාන්තාරෙ කීවිට “ඔටුවා”
මතකෙට නැගුනාඉ
නිරිතදිගම අප්‍රිකාවෙ
එහෙම එකක් තියෙනා
පනස්පහක් මිලියන එය
පැරැණිම යයි කියනා
මිනිසුන් නැහැ එහි වෙසෙන්නෙ
ඒක තමයි දිනනා
අවුරුද්දට එක සැරයක්
වහිනවාලු සොදිනා
මුහුදට හා බිoගෙයකට
ඒව හොදට ගලනා
අඩි සියයක් ඒ වතුරම
තැන්පත්වී තිබෙනා
සමහර ගස් මුල් ඒ ජල
කඳ සොයමින් දුවනා
ඇන්ටිලොප්ල ලක්ෂය
කිට්ටුව විශාල වෙසෙනා
පැස්බරාද, ජිරාෆ්, අලිද
ඒ මැද්දේ සිටිනා
මුහුදු සිoහයා, හිවල්ලු
හයිනා දග කරනා
එකසිය පනහක් කොටියන්
සිටිනා බව පෙනෙනා
වතුර ගලා යනවිට පොකුණක්
සෑදී ඇත්තේ
සමගියෙන්ලු මේඔක්කොම
වතුර බොන්නෙ රොත්තේ
කොටියන් සැතැපුම් පනහක්
කතර ගෙවයි මත්තේ
සතියට සැරයක් ගොදුරක්
ඩැහැගන්නාව මුත්තේ
ගස්වල ඵල අලි පරපුර
සොදට බුදිනවාලු
මුහුදු සිoහයාගෙ පැටව්
හිවල්ලු කනවාලු
සෙන්ටිග්‍රේඩ් පනහක් දැන්
උන්ට දැණෙනවාලු
පැරැණිම ලොව කාන්තාරෙ
හොදට වටිනවාලු
අත්ලාන්තික් සාගරයේ දකුණු අප්‍රිකාවෙ නිරිතදිග
ප්‍රදේශයේ නැම්බියා නගරයේ පිහිටා ඇති නැම්බි නම් කාන්තාරයක්
ඇත.
වතුර, ආහාර වලට වඩා ඉහළ යන උෂ්ණත්වයේ බැරෑරුම්ම ප්‍රශ්නයට
සතුන් මුහුණදී සිටිනවා. ඒ මිනිස් ක්‍රියාකාරකම් නිසා නොවන්නේද?
ඊඩන්:අන්ටේම් ප්ලැනට් වාර්තාමය වැඩසටහනකින් උපුටා ගන්නා ලදිමි.
සතුන්ට මෙන්ම මිනිසාටද නුදුරේදීම ගෝලිය උණුසුම
තදින්ම දැණෙනු ඇත.
ලියන්නේ සිත්ති සීනත්
