
හිරු නැත වෙනස් වී
සැමදා පායනවා
සඳත් සුපුරුදුව පායා
බැස යනවා
පීපිලා මලුත් පරිසරයම
ඔප වෙනවා
දවසක් නිමා කර තව
දවසක් එනවා
අරුනලු වැටී කුරුළුන්
පියබනු දුටිමී
සුදුවන් වළාකුඵ පාවී
යනු දකිමී
මදනළ හමා විත් මා ගත
සුව විදිමී
බේරාදෙන්න ජීවිත
දෙවියන් යදිමී
වෙනදා මෙන්ම නැහැ
මිනිසුන් සැරිසරනා
මුඛවාඩම් වලින් මුව
කට වසමින්නා
එන්නත් විදින්නට උන්
පෝලිමෙ උන්නා
සමහරු ඔක්සිජන් මැෂිමට
බර වෙන්නා
දින දින මිනිස්සුන් මේ
ලොව හැරයන්නා
එකකට දෙවෙනි නැහැ
නව වයිරස එන්නා
සියළුම දෙනා මෙය සුළු
කොට නොතකන්නා
තමන් අතට තම අත
බව සලකන්නා
මව්පිය නැතිඋනොත්
දරු අසරණ වෙනවා
පව්ලම කඩා වැටිලා
එය වැනසෙනවා
අප පරදන්න “ඩෙල්ටා”
දැන් සැරසෙනවා
පරිස්සම සිතට ගෙන
හරි මග යනවා
සියලුම දෙනාම වගකීමෙන් කටයුතු
කිරීමෙන් ආරක්ෂා වන්න.
ඔබේ ආදරණීයන්ගේ වැඩි
ආරක්ෂාව ගැන උනන්දු
වන්න.
ලියන්නේ සිත්ති සීනත්
