නොසැලකිල්ල

දහසක් පැතුම් සිත ඇතුලේ
පොදි බන්දා
අප සැමදෙනා හට
වගකීමකි රන්දා
නිතරම කල්පනාවෙන්
ගෙව්වද මන්දා
පාගල යන්නෙ සමහරු
මාරය කැන්දා

සුරතල් පුතුන් දෙදෙනා
සීයද කැටුව
ගලලා සතුට දෙන්නා හොඳ
හැටි නැටුව
බිලිවිය දියඹ රකුසාටම
පින නැතුව
නැත පුතු ආයෙ එන්නේ
තුරුලට මතුව

මව්පිය දරුවො දෙදෙනා
ගමනකි යන්නේ
නැගලා මෝටසයිකලෙ
සිහියෙනි ඉන්නේ
පැටලී සරුන්ගලෙ නූලක්
නැහැ දන්නේ
බිරිඳයි දරුව ඒ පව්ලට
නැති වෙන්නේ

දිනකට අටක් නවයක්
මළගම යනවා
විනයක් නැතුව වාහන
උන් එළවනවා
තව පිරිසක්ම ඔත්පලවී
ලත වෙනවා
වටිනා කියන ජීවිත අද
නැති වෙනවා

රියදුරු නිදිමතේ වාහන
පදවනවා
මදුවිත ගහල තව සමහරු
එළවනවා
නොසැලකිල්ල හැම දේටම
වග වෙනවා
අසරණ මගී ජනයා
ජීවිත දෙනවා

නීතිය තියෙනවා උන්
පිළිපදින් නැති
බාරුත් ඇරල හැම තැනකම
වහන් නැති
මඟ මරුවන්ට ඉවසීමක්
සිතත් නැති
පවුලක් අසරණයි උන්හට
හෙටක් නැති

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.