
1.බිය යනු නොදැනුමෙහි
දික්වූ සෙවනැල්ලයි.
2.දුප්පතාගේ නිවටකම
මෙන්ම පොහොසතාගේ
අහoකාරයද එකසේ
අප්‍රිය කල යුතුයි.
3.ඔබට දේදුන්න අවශ්‍ය
නම් වර්ෂාව ඉවසා
සිටීමටද හැකි විය යුතුයි.
4.මිහිරිතම සුවයක්
අමිහිරිම දුකත් ආදරයයි.
5.මිනිසුන් වැඩි වැඩියෙන්
කතා කරන්නට
පෙළඹෙන්නේ අඩුවෙන්
සිතන විටදීය.
6.බල්ලකු බුරන හැම විටම
නැවතුණහොත් ඔබේ
ගමන කිසිදා නිම නොවේ.
7.ජීවිතය යනු මකන
කෑල්ලක් නැති චිත්‍ර
ඇඳීමේ කලාවය.
8.වෑයම් කරන්නා
වැනසෙන්නේ නැත.
9.පරිසරයට හානි කිරීමෙන්
ඔබ ඔබේ උරුමය නැති
කර ගන්නේය.
10.හෙට යනු අනාගත
දිනයකට නිකුත් වූ
චෙක් පතකි.
අද යනු මුදල්ය.
11.අතීතය වර්තමානය
තනා ඈත. වර්තමානය
අනාගතය තනාදෙයි.
12.අන්ධයා කියන්නේ දෑස
නැති තැනත්තාට
පමණක් නොවේ.
තමන්ගේ අඩුපාඩු
නොදකින්නා ද
අන්ධයෙකි.
13.සාමය ප්රගතියේ බීජයයි.
14.වාසනාව ළඟට ආවිට
ඊට වාඩිගන්න පුටුවක්
දෙන්න.
15.නිදහස යනු මුල් ඇදීම
ඇරඹු පසු වේගයෙන්
වැඩෙන ශාකයකි.
පොතපත ඇසුරෙන් සකසන ලදිමි
ලියන්නේ සිත්ති සීනත්