
ඈත අතීත කාලේ ම්නිසා
අදහස් එකිනෙක ගත්තෙ බෙදා
මුහුණේ ඉරියව්, අoග චලනයන්,
නැත්තම් කටහඩ ගත්ත යොදා
ගසක කඳක හෝ ගල්ම තලාවක
කෙටුවලු උල් වූ දෙයක් සදා
වැලි හෝ පස් මතුපිටත් ඇන්ද
උන් ඇගිල්ල උදව්ව දුන්න එදා
ක්‍රි.පූ.තිස්පන්දාහට පෙර
රූප මගින් හඳුනා ගැනුනා
පන්දම් දල්වා රැයද පහන්
වන තුරාම හොඳ සිතුවම් ඇඳුනා
චිත්‍ර අකුරු ලිව් මුල් ආරම්භය
මෙසපොටේමියාවෙන් නැගුනා
අමු මැටි ගෙන මැටි තලයක් මත
මුල් අකුරුද නිර්මාණය කෙරුනා
හෑම රටකම කටවහර ක්‍රමය දැක ගන්න
ලැබුණු බව පවසනවා
මව්පියගෙන් දරුවන්ටත් ගුරුවරුගෙන්
ගෝලයන්ට හිමි වෙනවා
ලෝකයේ ප්‍රසිද්ධ “සෝක්රටීස්” රජතුමා ද
අනුගමනය කෙරුවා
ඔහුත් ඉගැන්වුවෙ මේ ක්‍රමයට යයි පොත්වල
ඇත සඳහන් වෙනවා
පන්හිදක් වැනි උපකරණයකින්
කලාත්මකව ලිව්වා අකුරු
පැරැණිම සලකුණු ක්රමයම
නැතිවී නව යුගයට ආවා මිතුරු
ක්‍රි.පූ.හයසීයෙදි ඇරඹුම
ලතින් හෝඩියෙ මුල් අකුරු
“පැපිරස්” ගස්වල කොළ වල
ලියැවුණු අතින් ලියු ලේඛන අකුරු
පොතට පොත යන නම
ලැබුණු සැටි
(Book) යන වචනය පැරැණි
ඉoග්‍රීසි බොක් (Bok) යන
වචනයෙන් බිඳී එන්නකි.
බොක් යන පදයෙන් හඳුන්
වන්නේ බීච් (Beech) නැමැති ගසකි.
සිනිදු පොත්තකින් යුත් අළු
පැහැති ගසේ ක්‍රි.ව. 1800
දී ජිව්වුවෝ තම අකුරු බීච්
ගසේ පොත්තේ කෙටීමට
පුරුදුව සිට ඇත. බුක් යන
වචනය එසේ නිර්මාණය වී
ඇති බව සදහන් වෙනවා.
පේපර් (paper) යන වචනය
පැපිරස් යන වචනයෙන්
බිඳී ආ එකකි.
ලියන ලද තල් කොළ විද
ලනු පටකින් බඳිනු ලැබේ.
පොතට ග්‍රන්ථය කියා ව්‍යවහාර වන්නට පටන්
ගත්තේය.එහි අරුත “ගැටය” යනුය.
පොතපත ඇසුරෙන් සකසන ලදිමි
ලියන්නේ සිත්ති සීනත්