ලස්සන වදන්

1.සිතින් දිළින්දෝ දෙවියන්
දකින්නට සුදුස්සෝය.

2.යම් දෙයක් ප්‍රමාණය
ඉක්මවූ විට එය
විස්මයජනක වේ.

3.උතුම්ම ප්‍රබෝධය
දැහැමිව ලබන ප්‍රබෝධයයි.

4.ඉගෙනීම ප්‍රීතියක්,
බැබළීමක්, බලයක්,
ලැබීමට උපකාර වේ.

5.හොඳම වගාව
ගුණධර්ම වගාව යි.

6.අපගේ අපේක්ෂා අඳුරුය.
කවර හෙයින් ද, අපේ
විශ්වාසය දුර්වල බැවිනි.

7.ඉල්ලූ විට දෙන එක
හොඳය. එහෙත් නොඉල්ලූ
විට් අවබෝධයෙන් දෙන
එක වඩා හොඳය.

8.බලය වැඩිවන තරමට
එය අනිසි ලෙස යොදා
ගැනීමේ අවදානම වැඩි වේ.

9.ළමාවිය
මෝඩකම්වලිනුත්,
මැදිවිය
අරගලවලිනුත්,
මහලුවිය
පසුතැවීලිවලිනුත්
පිරී තිබේ.

10.මිනිසා තමන් ළඟ
තබාගතයුතු උසස්ම
දෙය සත්තයයි.

11.ඉතාම සාර භූමිය පවා
වගා නොකළහොත්
වල් පැළෑටි වලින්
පිරෙන්නේය.

12.ජීවිතය නොකඩවා
ඉදිරියට යන ගමනකි.
එය නැවැතුම් පලක්
නො වේ.

13.තම හැසිරීම හා
පැවැත්ම පාලනය
නොකල උගතා,සිය
උගත්කම හා දැනුම්
පාවාදෙයි.

14.ආදරය විවාහයේ
හිමිදිරිය නම්,විවාහය
ආදරයේ හිරු බැස යන
සැදෑවයි.

15.ධනය ඇති ප්‍රමාණයට
උපයාගන්නා සතුටින්
වෙසේ

පොතපත ඇසුරෙන් සකසන ලදිමි

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.