ලස්සන ඔවදන්

1.ලෝකය පිළිබඳ දැනුම
ලෝකය තුලින්ම මිස
කුඩා රහස් කාමරයක්
තුළින් ලබාගත නොහැක.

2.සාර්ථක ජීවිතයක් මැනිය
හැක්කේ ක්‍රියාවලින් මිස
අවුරුදු සංඛ්‍යාව අනුව
නොවේ.

3.හදවතත්,දිවත් කුඩා
වුවත් මිනිසාගේ උසස්
කම තියෙන්නේ ඒ
දෙකේය.

4.මිහිරි රසක් ඇති උක්
ගසේ ගෙඩි හටගන්නේ
නැත.

5.අනුන්ගේ කරමතින්
ගොස් ප්‍රශoසා ලැබීමෙන්
වළකින්න.

6.ඔබේ දැනුම නොමසුරුව
බෙදා හදා ගන්න.

7.ජීවත්වීම සදහා
කියවන්න.

8.කියවීම යහපත්
ජීවිතයක් සතු මිනිසාට
වෙනත් කිසිවක්
අවශ්‍ය නැත.

9.සජීව මිනිසුන් හැරුන
විට පොත් වලට වඩා
පුදුමාකාර දෙයක් තවත්
මෙලොව නැත.

10.චාම් දිවි පෙවෙත
දෙවියන් වෙත යන
ඉනිමඟ යි.

11.වැඩිහිටියන් හා තරුණ
පරපුර එකට
සහයෝගයෙන් ක්‍රියා කළ
තරමට ලෝකය ප්‍රසන්න
වේ.

12.අසරණ දුප්පත් ජනයා
ලෝකයේ ලුණුය. ඒ
නොමැති විට ලෝකය
රසවත් නැත.

13.ඔබ හැසිරිය යුත්තේ
හැඟීම්වලට වහල්
නොවී බුද්ධිමත්ව ය.

14.උගත්කමට වඩා
හැදියාව,
ශීලය උතුම්ය.

15.පටු හදවත්වල
ගැඹුරට වදින්නේ
ඉරිසියාව හා වයිරය
පමණි.

පොතපත ඇසුරෙන් සකසන ලදිමි.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.