
1.මිනිසා සකස් වී ඇත්තේ
සමාජය සදහාය.
2.යමෙකුගේ මුහුණ
ඔහුගේ මනසේ පටුනයි.
3.අදක්ෂයා කඳු මුදුනක
සිටියද නොපෙනේ.
දක්ෂයා ළිo පතුලේ
සිටියද හොඳ හැටි
පෙනේ.
4.ජීවිතයට ආදරය ඇත්නම්
කාලය නාස්ති
නොකරන්න.ජීවිතය සෑදී
ඇත්තේ කාලයෙනි.
5.මිනිසා පොදු වශයෙන්
සලකන කළ,ලොකු වූ
ළමයෙක් පමණි.
6.මොළය දියුණු කර ගැනීම
පිණිස වියදම් කරන මුදල
කිසිවෙකුටත් හොරා ගත
නොහැක.
7.මෝඩකම කළුවර
රාත්‍රියක් වැනිය.
8.අනුන් ගැන අවබෝධ
කරගත හැකි
පුද්ගලයා උගතෙකි.
තමන් ගැන නියම
අවබෝධයක් ඇත්තෙකි.
බුද්ධිමතෙකි.
9.විශ්වය පිරී ඇත්තේ
නොනවතින විපර්යාස
වලිනි.
ජීවිතය පිරි ඇත්තේ
සිතුවිලි වලිනි.
10.මිනිසා නිදහස්ව
උපන්නේය.එහෙත් සෑම
තැනම බැමිවලට අසුවී
සිටියි.
11.උගතෙකු මෙන් ලියන්න.
පොදු ජනයා මෙන් කතා
කරන්න.
12.ජීවිතය සමබර වන්න
විනෝදාංශ අවශ්‍යය.
13.ඉවසීම හොඳම
ආයුධයකි.
14.ප්‍රමාදය නිගාවකි.
15.සරු සාර බව අපේ
උපන් අයිතියකි.
පොතපත ඇසුරෙන් සකසන ලදිමි
ලියන්නේ සිත්ති සීනත්