
1.අවවාදයත් හිම වගේය.
ලැබෙන විට හිම මෙන්
සැහැල්ලුයි.ඉන් පසුව
ඔබත් සමග ජීවත් වෙයි.
ටික කලක් යන විට ඔබේ
යටි සිතට කිඳා බසී.
2.ඉවසීම හා නිහතමානී
බව කිසි දිනක පරාජය
නොවන බලවේග දෙකකි
බුද්ධිමත් වන්න.
මෝඩකම රෝගයකි.
3.සෑම කෙනෙක්ම ලෝකය
වෙනස් කරන්න හිතනවා
නමුත් කිසිවෙක් තමන්
වෙනස් වීමට සිතන්නෙ
නැහැ.
4.සෑම අසමත්වීමක,සෑම
ආපදාවක හා සෑම
අවාසනාවක ම
නොවැඩුණු හැකියා
බීජයක් ගැබ් වී ඇත.
5.අවoක මිනිසා සෑම
විට ම යුක්ති ගරුක වේ.
6.සාමය ඇති විට කිසිවකු
පරාජය නොවේ.
7.උසස් ම දැනුම ආත්ම
අවබෝධයයි.
8.සේවයක අගය වැඩි
වන්නේ එය නියම
වෙලාවට සැලසූ විටය.
9.කරුණාව යනු බුද්ධියයි.
10.එක් උණුසුම් පැතුමක
අගය මුදලට වඩා වැඩි
ය.
11.මුළු ජීවිතය ම අත්හදා
බැලීමකි.අත්හදා බැලීම
වැඩි වූ තරමට අගය
වැඩි වේ.
12.ජීවිතය යනු අති
දුෂ්කර වූ ගමනකි.
නැත්නම් සහමුලින්ම
හිස් දෙයකි.
13.අපට සතුට ඇතිවන්නට
ඇතිවන්නට අපි වඩාත්
අංග සම්පූර්ණත්වයට
ළංවන්නෙමු.
14.සතුට යනු යමක් තුල
ඇති දෙයක් නොව අප
තුළම ඇති දෙයකි.
15.වැඩකට නැති මිනිසුන්
කරුමයට බනී.
ලියන්නේ සිත්ති සීනත්