නොසැලිකිල්ල

වසර දෙකක් දුක්වින්දා
මතක නේද සැමට
රැළි පිට රැළි පොකුරු
ආව යන්නට බැහැ ගමට
හැම දෙනාම ගැන සැකයෙන්
බැලුවේ අපි අවට
මුකවාඩම දාගත්තේ
තද කරගෙන මුවට

සැලකිල්ලක් නැහැ සමහරු
දුටිමි පාරෙ යනවා
අවධානම ගැන නොතකා
සමාජෙ ගැවසෙනවා
ඔබෙ ජීවිත පරිස්සමෙන්
රැක ගන්නට වෙනවා
ජය ගත්තොත් හැම දෙනාගෙ
ජීවිත සුව වෙනවා

මාස්ක් එකත් හොදට කපා
වෙනව ඉවත ලන්න
කුරුල්ලන්ගෙ බෙල්ලෙ එතී
දුකයි බලන් ඉන්න
සාගරයේ මාළු බලන්
ඉන්නෙ ඒව කන්න
හරි විදිහට බැහැර කරල
දිනලා සැනසෙන්න

පවුලේ සමගිය, ආරක්ෂාව
ගැන සිතන්න
ගමන බිමන යනවිට මාස්ක්
එකක් පැළද ගන්න
ඩෙන්ගුත් දැන් හිස ඔසවල
පරිස්සමෙන් ඉන්න
හැම වයිරස පරදවලා
නිරෝගිමත් වෙන්න

දරුවන්ගේ ළමා කාලෙ
නැවත ලබා දෙන්න
ගේම් වලට යොමූඋන අය
එයින් මුදා ගන්න
දෙමව්පියනි, ගුරු දෙගුරුනි
පරපුර රැක ගන්න
බාදක පරදා දිනන්න උන්ට
දැනුම දෙන්න

රියදුරුගෙන් මග තොටේදි
වෙන අනතුරු බෝහොම
නොසැලකිල්ල හරි ඉහළයි
සමාවදෙනු කොහොම
නීති කඩල ජීවිත අහිමිකරනා
අය සැවොම
සිතට අරන් අනතුරු වලකා
සිටියොත් දිණුම

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.