ආදරයෙ හි අරුමය

1.හදවතට ඉතා ම සමීප වූ
සෙනෙහස ආදරයයි.

2.මනුෂ්‍යත්වයට ආදරය කරන
පුද්ගලයාට ලෝකය ම ආදරය
කරයි.

3.සිහිනයේ දීත්,ආදරයේ දීත්‍
කිසිවක්‍ දුෂ්කර නැත.

4.විශ්වාස කළ හැකි දෙයට
පමණක්‍ ආදරය කරන්‍න.

5.අවංක ව ආදරය කරන හිතක්‍
කිසිදාක රැවටීමක්‍ නොකරයි.

6.ප්‍රේමයේ ස්පර්ශය හැම
දෙනාම කවියන්‍ බවට පත්‍
කරයි.

7.ආදරයට ආදරය කරන්‍න.
එහෙත්‍ වෛර කරන්‍නාට
වෛර නොකරන්‍න.

8.මිනිසුන්‍ වූ අප මෙලොව
ඉපදෙන්‍නේ වෛර කර මිය
යෑමට නොව ආදරය කර
ජීවත්වීමටය.

9.ප්‍රේමය නම්‍ හදවතින් අගය
කිරීමයි.

10.ආදරය ඇත්තේ කොතැනද
ජීවිතය ඇත්තේ එතැනයි.

11.ආදරය බිය පහ කරයි.
තවත්‍ අතකට බිය ආදරය
පහකරයි.

12.ජීවිතය ශක්තිමත්‍ වන්නේ
අහිමි වූ ආදරය තුලිනි.

13.අයිති කර ගැනීමකින්‍ සහ
තමාගේ කර ගැනීමකින්‍
තොරව
ආත්‍මාර්ථකාමීත්වයෙන්‍
මිදී පිටතින්‍ සිට කරන
ආදරය පූජනීයත්වයට පත්‍
වේ‍.

14.ආදරය යනු අනෙකාගේ
සතුට ගැන වැඩිපුර සිතීමයි

15.අන්‍ සෑම රසයක්‍ ම දිවට
දැනුණත්‍ විරහවේ‍ රසය
දැනෙන්‍නේ හදවතටයි.

පොතපත ඇසුරෙන්‍ සකසන
ලදිමි.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.