මවගෙ සෙනෙහස

ලෝකයේ ඇති උතුම්‍ සෙනෙහස
මව්‍ගෙ සෙනෙහස යයි කියයි
ඇගේ ලේ කිරි වලට හරවා
ආදරෙන් දරුවට පොවයි
සියලු දරුවන්‍ මවගෙ උණුසුම
ලබන්‍නට සැනසුම සොයයි
මිනිසුනේ මව්‍ සෙනෙහෙ අගයන
පිදිය යුතු “අම්‍මා”ඇයයි

සියලු දුක්‍ ඉවසනා ශක්‍තිය
සොබාදහමේ‍ ඇය සතුයි
ජීවයක්‍ බිහිකරන බලගතු
විශ්වයේ බලයද නතුයි
ගලන ගඟ මෙන්‍ පැමිණි බාධක
ඉවසනා ගුණදම්‍ සතුයි
වයස යන විට ඇයට සෙනෙහස
පුදමු එය අපෙ යුතුකමයි

දරුවන්‍ගේ කුස පුරවා
නොකා නොබී ඇය ඉන්‍නා
සමහරු දරුවන්‍ හින්‍දා
ගුටි බැට සැම ඉවසන්‍නා
දරුවන්‍ යහ මඟට අරන්‍
අනාගතය ඇය දින්‍නා
ඇය නැතිනම්‍ මේ‍ ලෝකය
හිරු නැති ලෝකය වැන්‍නා

දරුවන්‍ගේ රැකවරණය නිතරම
ඇය සොයනවා
පවුලේ දියුණුච උදෙසා සැම
කටයුතු කරනවා
ජීවිතයම කැප කරලා මව්‍
සෙනෙහස පුදනවා
සමහරු ඒ කැප කිරීම
අමතක කර දමනවා

ලැබුනත්‍ බිරිදගෙ සෙනෙහස
“අම්‍මා”අමතක නොකරනු!
දිනපතාම අම්‍මා ගැන හොඳ
හැටි සොයලාම බලනු!
හැර යනදා ඒ වෙනුවට කිඹුල්‍
කඳුළු එපා හෙලනු!
මිනිසත්‍ කම ලබා දීපු නුඹෙ
අම්‍මා උතුම්‍ සිතනු!

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.