වචන හැසිරවීම

1.ඔබ කිසි විටෙකත්‍ අනුන්‍ගේ
වචනවල වහලෙකු නොවන්‍න.

2.කතා කිරීමෙන්‍ මිස නිශ්ශබ්‍දව
සිටීමෙන්‍ පසුතැවිලි වන
කෙනෙක්‍ නැත.

3.දයාබර මිහිරි වදන්‍ මී පැණි
වැනිය.රසයෙන්‍ මිහිරිය.
පෝෂණයෙන්‍ අධිකය.

4.ලෝකයක්‍ දිනා ගැනීමට ප්‍රිය
වචනය ප්‍රමාණවත්‍ වේ‍.

5.ඔබට කතාබහෙන්‍ සතුටක්‍
ලබන්‍න නම්‍ ඔබේ‍ අදහස්
වලට සෑහෙන තරමින්‍ සමාන
කෙනෙකු සමග කතා කරන්‍න.

6.අසුන්‍දර පැවැතුම්‍ ඇත්‍තාට
සුන්දර වචන නාස්ති කිරීම
මෝඩකමකි.

7.ඔබේ‍ කතාවෙන්‍ කිසි විටෙකත්‍
අසන්‍නාගේ සිත තුවාල
නොවිය යුතු ය.
එසේ වුවහොත්‍ ඔබ පරාද ය.

8.ඔබේ‍ යහපත්‍ බවේ‍ මෙන්‍ ම
සතුටේ‍ පරිමාවද පිළිබිඹු
වන්‍නේ ඔබේ‍ වචනවලිනි.

9.නිර්මාණකරුවෙකුගේ සැබෑ
තෘප්තිය වන්‍නේ වචනවල
පැසසුමයි.

10.කියන දේ වැදගත්‍ වගේ ම
කියන විදිහ ද වැදගත්‍ විය
යුතු යි.

11.කිරුම්‍ බරට වචන පාවිච්‍චි
කිරීම උගතාගේ සිරිතයි.

12.විවාදයක අරමුණ ප්‍රගතිය
සොයා යෑම මිස
ජයග්‍රහණය ම නොවේ‍.

13.කතාව වැඩි පුද්ගලයාගේ
සිතීමේ‍ ශක්‍තිය මැරී යයි.

14.මිනිසාට එක දිවක්‍ සහ
කන්‍ දෙකක්‍ ලැබී ඇත්‍තේ
අඩුවෙන්‍ කතා කර වැඩියෙන්‍
ඇහුම්‍කන්‍ දීමටයි.

15.කුහුඹුවා බොහෝ ආදර්ශ
දෙන කුඩා සතෙකු වුව ද
ඌ කතා නොකරයි.

පොතපත ඇසුරෙන්‍ සකසන
ලදිමි.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.