
ඉපදුනත් මරණයත් හිමි බව
අත්‍දැකීමක් ලබනවා
දිනෙන් දින ගෙවිලාම යන විට
සසර කෙටි බව දැනෙනවා
ප්‍රියාදරයන් අපෙන් වෙන්‍වී
අනේ කදුළැලි සැලෙනවා
අහිමි වී හිමි බිරින්‍දෑවරු
අපමණක් දුක් විඳිනවා
ලැබුණු මිනිසත් කමේ උරුමය
උජාරුව අපි රකිනවා
පවුල දූ දරු ලැබිල සතුටින්
දිවි මඟක් ඉන් ගෙවනවා
උපාධිය ලැබ සමහරක් අය
හටත් නම්‍බුව ලැබෙනවා
අලසකම් නැති ජීවිතෙන් සුබ
අනාගතයක් මැවෙනවා
පෝසතා හා දුප්‍පතා යන
පිල් දෙකක් බෙදලා ඇතේ
කළුද සුදු භේදයක් මවලා
ලෝකයක් සුන්‍දර නැතේ
මාළිගාවෙද දුගී පැලකද
ඉන්‍නෙ මිනිසුන් මයි පුතේ
කාගෙ කාගෙත් ජීවිතය තුල
සිහින මැවිලා ඇත සිතේ
ගෙවන ජීවිත සමහරුන් හට
වාසනාවකි ගෙන දෙනා
අගාධෙට වැටිලාම ඉන්‍නා
දුගී මිනිසුන් දුකකිනා
කාසි මිටි ගැන සිහින මවනා
සමහරුන් ඉන් රැවටෙනා
කෙසේ හෝ ජීවත්‍ම විය යුතු
කාලයක ජීවත් වෙනා
ලියන්නේ සිත්ති සීනත්
