
කාලෙ මැව් අපි සැමගෙ විස්කම්
ඉස්තරම් සැගවී ඇතේ
තප්පරද,පැය,දවස ගෙවිලා
අවුරුදුත් ගෙවිලා යතේ
මතක අතරට ගෙවුනු ඒ
ලස්සන දවස් මැවිලා සිතේ
යහළුවන් හා මතක අතරින්
කදුථකුත් දැවටිල නෙතේ
අඳුර වැටුනම ගමන බිමනක්
නොයන ලෙස එදවස කියූ
සතුන් විෂකුරු,නයි.පොළොංගුද
ගහණ වණරොද බොහො තියූ
ගලා ගිය ජල පහරෙ මාළුන්
තරඟයක් මෙනි බැස සෙයූ
මිහිරි ගී නද හරිම සුන්දර
එකතුවී සොඳුරුයි ගැයූ
පාසැලේදී දුවල පැනලා නටල
සැම දෙන සැනසුනා
පහන් තිර එළියෙන්ම ශීල්පය
හදාරා අපි හිනැහුනා
සොබාදහමට නිතර ගැටිලා
සියලු ජීවිත සුවඋනා
පචුලෙ ශක්තිය මුල් තැනට දී
අපේ ජීවිත සරු උනා
දෙමව්පියගේ නොනිමි සෙනෙහස
වින්දා අපි හරි ආදරෙන්
ගමේ කම අගයලා එකමුතු
කමත් රැක්කා සාදරෙන්
පේර,අඹ ගස් වලට නැගලා
කෑව ගෙඩි අපි කෑදරෙන්
සතා,සිව්පා,කුරුළු,සමණලු
සමග ගැටුනා සෙනෙහසින්
ප්ලාස්ටික් පොලිතින් වලින් තොර
ගෙවූ ජීවිත සුන්දරයි
වස විසින් තොර ලැබුන හැම දේ
හරිම දේ මයි විස්මිතයි
ගෙවපු කාලය නැවත නොලැබෙයි
මිහිරි සුන්දර මතකමයි
මතක අතරට රැගෙන ගියෙ මා
ජීවිතය නම් සොඳුරුමයි
ළමා කාලය සුන්දරම වූ
අතීතය මතකේ ඇතී!
හුගක් දරුවන් හටම නොලැබෙන
එවන් සුන්දර අද නැතී!
එහෙත් ජීවිත බෙදී ගොස් ඇත
විවිධ දේ සොයනා පැතී!
ගෙවූ ඒ සුන්දර අතීතය
අදත් සිහිකරනව බැතී!
ලියන්නේ සිත්ති සීනත්
