
1.ඔබ ප්‍රශ්නයක් අධිතක්සේරු
කරන හැමවිට ම ඔබ
අවතක්සේරුවට ලක් වේ.
2.මාවතක් නැති තැනක ඔබ
ගමන් කරන්නේ නම් ඔබේ
පියවර සටහන් ඉතිරි කර
යන්න.එයින් අලුත් මාවතක්
ඉදි වී ඔබ වීරයෙක් බවට
පත් වේ.
3.ඉතාම වැඩියෙන් සැලකිල්ලට
බඳුන් වන්නේ වචන නොව
ක්රියාවන්ය.
4.යහපත් දෙයින් සිත පුරවා ගත්
කළ නරක දශාව සිතින් ඉවත්
වී යයි.
5.යමක් එක තැනෙක රැඳී
මළකඩ කනවාට වඩා පාවිච්චි
කර ක්ෂය වී යෑම වටින්නේ ය.
6.ඇසින් දුටු සාක්ෂිය හැර කන්
දහසකින් ඇසු සාක්ෂිය
පිළිනොගන්න.
7.මිනිසාට හොඳින් මතක
තිබෙන්නේ අමතක කළ
යුතු දේවල් ය.
8.මිනිසෙකුගේ නියම ධනය
වන්නේ ඔහුගෙන් ලෝකයට
සිදුවන යහපතයි.
9.විශාල කාර්යයන් කළ හැකි
වන්නේ විශාල පරිත්‍යාග
කිරීමෙනි.
10.සෑම සිතකට ම අනෙක්
සිත් හා සුහද හමුවීමක්
අවශ්‍ය වේ.
සිත පුළුල් වන්නේ එවිටයි.
11.අමතක වීම්,අතපසු වීම්
ජීවිතයේ බොහෝ දේවල්
වෙනස් කරයි.
12.සහයෝගයෙන් වැඩ කිරීම
යනු වහලෙකු වීම නොවේ.
13.කෝපය වනාහි සිත නැමැති
පහන නිවා දමන සුළඟකි.
14.හැම යහපත් දෙයක් ම
පමණට වඩා ඉක්මනින්
අවසන් වේ.
15.සියලු බැඳීම්වලින් සිත මුදා
ගත් කල් හි මරණය දුකක්
නොවේ.
පොතපත ඇසුරෙන් සකසන
ලදිමි.
ලියන්නේ සිත්ති සීනත්
