යුද්ධය වනාහි

1.යුද්ධය යනු ආදරණීය මිනිස්‍
සබඳතා සැණෙකින්‍ උදුරා
විනාශ කරන කදුළු පසුබිම්‍
කරගෙන නිර්මාණය වුවකි.

2.වැඩිමහල්ලෝ යුද්ධ ප්‍රකාශ
කරති.සටන්‍ වදින්නෝ සහ
මියයන්නෝ තරුණයෝ ම
වෙති.

3.යුද්ධය මඩ ගොහොරුවකි.
එහෙත්‍ රට වෙනුවෙන්‍ සටන්‍
වදින යුධ භටයා ඒ මඩ
ගොහොරුවේ‍ පිපි නෙළුම්‍
මලකි.

4.මොනතරම්‍ සාධාරණ කිරීමට
උත්‍සාහ කළත්‍ යුද්ධයේ කිසිම
සාධාරණයක්‍ නැත.

5.යුද්ධයෙන්‍ පළමුවෙන්‍ නැසී
යන්‍නේ සත්‍යයි.

6.යුද්ධය මිනිස් සබඳතා
සැණෙකින්‍ විනාශ කරනවා
මිස ගොඩනගන්නේ නැත.

7.ජීවිතවල වටිනාකම අවි ආයුධ
නොදන්‍නවා සේම ඒවා අතට
ගත්තෝ ද නොදනිති.

8.සටනක දී වැදගත්‍ වන්‍නේ
අරමුණ මිස පුද්ගලයා
නොවේ‍.

9.ආයුධ අතට ගැනීම පහසු වුව
ද ආයුධ බිම තැබීම පහසු
නොවේ‍.

10.යුද්ධය කෙටි කලක්‍ පැවතිය
ද ජීවිත සදාකල්‍ වැළපෙයි.

11.යුධබිමෙ හි එක්‍ වෙඩි
උණ්ඩයකින්‍ පිරිමියෙකු මිය
යන විට ලෝකයේ කොතැනක
හෝ කාන්‍තාවක්‍ ආත්‍මීය
වශයෙන්‍ මිය යයි.

12.ඔබේ‍ සතුරා සමග නිතර ම
සටන්‍ නොකරන්‍න.එසේ‍
කළහොත්‍ සිදුවන්‍නේ ඔබේ‍
සියලු යුද උපායන්‍ ඔහු
විසින්‍ ඉගෙන ගනු ලැබීමයි.

පොතපත ඇසුරෙන්‍ සකසන
ලදිමි.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.