
බලන හැම අත දකින පෝලිම්
ජීවිතය මහ සටනකි
ලැබුණොතින් යම් දෙයක්
“තිළිණය”ඒක නම් සිහි වටනෙකි
දුකින් ඉන්නා විටෙක සැනසුම
දුන්නොතින් හොඳ වචනෙකි
මහා ගසකින් සෙවන බෙදනා
සැමට ලැබෙනා සිසිලකි
ගෙදර මුළුතැන් සටන නිම නැත
උයන්නට ගින්දර නැතී
ජීවනේ බර දරන්නට වෙනවානෙ
බැලු බැලු හැම පැතී
මිනිස්සුන් දැන් ඉන්නෙ දෙවියන්
සිහිකරන් හද තුල බැතී
දිළිඳු අසරණ මිනිස්සුන් ගැන
සිතමු අපි හදවත් ඇතී
දිනෙන් දින කරණම්ම ගසනා
බඩු මිලක් අප හට ඇතේ
සිතේ හැටියට ඒවා ගන්නට
කාසි නම් අතමිට නැතේ
ආතතිය,පීඩනය මුල් කර
ගෙවයි ජීවිත දස අතේ
වෙනදටත් වැඩියෙන්ම දැනෙනව
අගය සැමගේ බත් පතේ
කිරට හඬනා පුංචි දරුවන්
ඉන්න මව්නට දුක දැනේ
සුපුරුදුම ලෙස පිපෙනවා මල්
අලංකාරයි මහ වනේ
පාසැලේ දරුවන්ගෙ ජීවිත
දුෂ්කරයි ගෙවනව දිනේ
දෙමව්පියනට දැක්ම දරුවගෙ
අනාගතෙ මැවිලා පෙනේ
පැය තුනත්,පහ,හත,දහය වී
කපන විදුලිය දෙයි බියක්
ව්‍යාපාරත් කඩා වැටිලා
අසරණයි උන්ගේ සිතක්
දසත හැමතැන ඇසෙන මැසිවිලි
මිනිස් සිත පිරිලා ගොඩක්
පවුල සුරකිනු! දරුවො සුරකිමු!
දකින්නට සුන්දර ලොවක්
අනේ ජනයා විඳින අපමන
කම්කටොළු ගැන නෙත් යොමන්!
කාසි අතමිට සාර නැති
ජීවිත ගැනත් සොයලා බලන්!
අනාගත පරපුරක දැක්මක්
සවිය අතරින් සැම සොයන්!
බුද්ධිමත් ලෙස සටන ජයගෙන
අනාගතයම සරු කරන්!
ලියන්නේ සිත්ති සීනත්
