
දසමස කුස දරා හොඳ හැටි
මා රැක්‍කා
මෙළොවට බිහි කරන්‍නට
වෙහෙසෙනු දැක්‍කා
හේනේ එළවලුත් කඩමණ්ඩියෙ
වික්‍කා
තනි උන සිතට මම නුඹෙ
පාළුව මැක්‍කා
ටික ටික ලොකු උනා
පිය සෙනෙහස නැතිව
පාසැල වෙතට පිය
මැන්නේ මා කැටුව
යහගුණ සපිරි ගැහැනිය
වෙයි මා දුටුව
නොලැබුනෙ ඇයිද ඒ සුන්‍දර
ලොව පැතුව
ජීවිත ඔරුව අවධානෙන්
නුඹ පැද්දා
ඒ ඔරුවේම ගොඩ කරගෙන
මා ඇද්දා
“මගෙ පුතු හොඳට හැදියන්”
හිස පිරි මැද්දා
අපමණ දුකක් මා ලොකු
කරනට වින්‍දා
රෑ කළුවරම මකනා සඳ
වැනි අහසේ
දුටුවෙමි හඬනවා හිර
කරගෙන රහසේ
සිත්‍සේ වියදමට නොතිබුණි
කොල දහසේ
දැණුනා,ඉවසුවා බඩගිනි
අපි බොහොසේ
වැහැරී ගියත් ගත ඇය
සුන්‍දර ළදකී
උණුවෙන හදවතක් ඇති
ලස්‍සණ මලකී
මව්‍ගුණ නොදන්‍නා උන්
සිත් කලු ගලකී
දෝතම එකතුකර වදිමුද?
එය පිනකී
සැමියන් නොමැති මව්‍වරු
දරුවන් හදතී
උපහාරයත් මෙන් අපහාසද
ලබතී
එනමුත් දරු දුකේ බර
උසුලා සිටිතී
අම්‍මා වරුන් සැම හට
සෙනෙහස පුදතී
ලියන්නේ සිත්ති සීනත්
1 comments On මව් ගුණ
ඔබගේ කවි හා සිතුවිලි අගය කරමි. දිගටම ලියන්න.