
හැම පවුලක ශක්තිය
පියවරුන් මතයි රැඳුනේ
පපු කුහරයෙ ඇති සෙනෙහස
දින දින මයි පිදුනේ
මව් සෙනෙහස නොලද දරුවො
වැඩුනා පිය සෙවනේ
නුඹ අම්මා කෙනෙකු විලස
දරුවන් හට දැණුනේ
දාබිදු හෙලමින් සැමගේ
ජීවිත සරු කරනා
දුක් කරදර කොතෙක් ඇතත්
සිත දැඩිකර සිටිනා
දරුවන් යහමඟ යායුතු
මාවත නුඹ දකිනා
අනාගතය ගැන සිතනා
පියවරු සැම දිනනා
පුන්වි කාලෙ කරපින්නා
ගිය සැටි මට මතකයි
බාදක කම්කටොළු මැදින්
නුඹෙ හදවත අමතයි
හොද දරුවකු වෙන්න දුවේ
නිතරම මට පවසයි
ලෝකය කැරකිලා නැවතුනා
සමුගත් දවසයි
පිය සෙනෙහස අහිමි උන්නු
දරුවන් හට පියෙකි
දුන්නා මට අපමන දිරි
එය මට මහ වෙරකි
අඳුර මැකී ආලෝකය
දසත පැතිර සෙයකි
තාත්තෙ නුඹෙ සෙනෙහස නැති
අදටත් මට දුකකි
පියවරුන්ගේ දිනය ලෙසට
දිනයක් වෙන් කරලා
පවුලම සුරකිනවා තම
ලේ දහඩිය හෙලලා
අතීතයේ මතක අතර
විරුවෙකි නුඹ කියලා
දැයේ සියලු දරුවන් අද
සමරයි සිහි කරලා
සියලුම පියවරුන්ට සුබ
දිනයක්ම වේවා!!
ලියන්නේ සිත්ති සීනත්
