ආදරය

ජීවිතේම යනු සුන්‍දර
පිපාසයකි සැමට
රිදුම්‍ දෙද්‍දි හදවත එය
සොයා යන්‍නෙ එමට
හද ගැඹුරට ගිනි ගනිද්‍දි
දිවිත්‍ පුදයි නමට
සමහරු වැටෙනව මුලාවෙ
ඒක මෝඩ කමට

ආදරයේ සුන්‍දර සිතිවිලි
හදවත සනසයි
නොවෙනස් ආදරය සුන්‍දරයි
ගත සිත පිනවයි
අගනා තිලිණයකි සුදුසු
කෙනාට දිය යුතුමයි
ප්‍රේමය ජීවිතය පුරා ගලනා
රස නදියයි

සොයාගෙනම යනවිට
ඈතින්‍ ඈතට යාවී
අපි ඈතට යනවිට එය
අපව සොයා ඒවී
පූජනීය පිදුමකි එය
දෙසිතක්‍ එක්‍ වේ‍වී
මිහිතලයම මතට වැටුණු
සෙනණැල්‍ලක්‍ වෙවී

සෙනෙහස,ප්‍රේමය,ලෙන්‍ගතු
කමකි වෙලා උරුම
දයාව,කරුණාව,මිනිස්‍කමද
උතුම්‍ පිරුම
සාර්ථකත්වය අගයමු
ජීවිතයක දිනුම
පැරදුනොතින්‍ වෙනවා සිත
හදාගන්‍න සැවොම

අහිමි උනොත්‍ ආදරෙ සිත
ශක්‍තිමත්‍ම කරනා
පරිත්‍යාග කලම යුතුයි
දරුවන්‍ ගැන සිතනා
සෙනෙහස ජීවිතය පුරා
මද සුළඟකි හමනා
කුළ,ආගම්‍,වයස් භේද
ආදරයෙහි නොවෙනා

වෛරයකට පෙරළී වෙයි
මහ විනාශයක්‍!
ජීවිතයම මනිනා එය
වෙයි විභාගයක්‍!
හමුවීමත්‍,වෙන්‍වීමත්‍
මිනිස් උරුමයක්‍!
ජීවිතයට නැතිවම බැරි
ඒක පුදුමයක්‍!

ආදරය ඇත්තේ කොතැනද
ජීවිතය ඇත්තේ එතැනයි.
අන්‍ සෑම රසයක්‍ ම දිවට
දැණුනත්‍ විරහවේ‍ රසය
හදවතට තදින්‍ම දැනේ.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.