
සිත යනු බලවේගයක්‍ලු
මිනිසා හට උරුම
උපත මොළය ඇසුරු කරන්
ඒක හරිම අරුම
ශරීරයේ ඉන්‍ද්‍රියයක් නොවේලු
එය ගරුම
සිත් පින් නැති මිනිසුන් ඉන්‍නවා
ලෝකේ නරුම
උඩු,යටි හා මැද සිත ලෙස
තුනට බෙදා ඇත්‍තේ
මනසෙන් දහයෙන් නවයක්
යටි සිතමයි ගත්‍තේ
බඩු ගබඩාවක් වැන්‍නලු
සැඟවීලා රොත්‍තේ
උඩු සිත මනසෙන් දහයෙන්
එකක්‍ලු තැන ගත්‍තේ
ජීවිතයේ ලබන දැනුම
අත්‍දැකීම සැමගේ
යටි සිත තුල තැන්‍පත්වී
තියෙනවානේ අපගේ
ඒ සිත හැම දේම දනී
කරනා දේ ඔබගේ
සුබ අදහස් නිතර සිතනු!
ජය නියතයි සැමගේ
සිතට හැදෙන ලෙඩ සමාජයේ
සැමහට පවකී
මානසිකම රෝගකාරකත්
වටපිට ගොඩකී
ශක්‍තිමත්‍ම පෞරුෂයක්
ඇත්‍නම් එය සොඳකී
දුර්වල උනොතින් ඒවට
ගොඳුරු වීම දුකකී
අධික දුකින් කල් ගෙවීම
විෂාදයට මඟකී
සැකය,අධික තරහ,වේදනාව
විඳින සෙයකී
කාන්‍තාවො අතර බහුල
ලෙසටම තහවුරකී
පුද්ගලයා තුල අසරණභාවය
ඉන් එකකී
අහිමිව ගිය දේ ගැන සිතමින්
දුක්‍මුසු නොවෙනූ!
ලැබී තිබෙන දේවල් ගැන
සතුටු සිනා මවනූ!
සිත පිරිසිදු,අලංකාර,සුන්‍දර
කර දිනනූ!
සිත නොමලෙඩ කර ජීවිතෙ
බුද්ධිමත්ව දිනනූ!
මානසික රෝගකාරක පුද්ගලයාගේ ජීවිතය ආක්‍රමණය
කරයි.මානසික ප්‍රතිශක්‍තිකරණය යනු ශක්‍තිමත් සහ
සමබර පෞරුෂයයි.
පෞරුෂය ගොඩනැඟීම කුඩා වියේ පටන්‍ම ආරම්‍භ කල
යුතුයි. එය සෑම වැඩිහිටියකුගේ වගකීමකි.
සමබර මනසක් ගොඩනගා ගෙන
ජීවිතය සතුටින් ගත කරන්‍න.
ලියන්නේ සිත්ති සීනත්
