
රෑ අහසේ පායන සඳ
නුඹ ගෝලාකාරයි
පසළොස්වක,අව අටවක
වන්ද්ර කලා මාරයි
පුර අටවක,අමාවකද
මාස්පතා භාරයි
වායුගෝලයක් නැතිවත්
නුඹෙ ජීවිතෙ සාරයි
ඉර බැසයන විට හෙමිහිට
අහසේ රජ වෙන්නේ
ටික ටික එළියක් වැටිලා
ගුවනේ දිළිසෙන්නේ
අහසේ තරුකැට අතරේ
හිනැහී නුඹ ඉනිනේ
“කිරි පැණි”අරගෙන එනකම්
දරුවො බලන් ඉන්නේ
මිනිසා ගව් ගනන් ගෙවා
නුඹ බලන්න ආවා
එක්දාස් නමසිය හැටනවයේ
යයි ලියඌවා
ජූනි මාසේ විසි වෙනිදලු
දිනයම බැබලූවා
තාක්ෂණය නොමැති කාලේ
පුදුමයි සිදුඌවා
නිසසුරු,හිමකර,හඳ
ශශධර නම් පුදලා මක්කේ
පෝයදාට නුඹෙ ලස්සන
ලෝකයාම දැක්කේ
හැමදාමත් රෑ අහසේ
අපේ පාළුව මැක්කේ
දවසේ උණුසුම නිවලා
සිසිලස දී රැක්කේ
ආවාටද,නිම්න,දෝණි
හා ගල් නුඔ භාරයි
වියලි කාන්තාර,පසත්
තුනි වැල්ලකි මාරයි
පොළවේ කඳු මෙන් දෙතුන්ම
ගුණයක් කඳු පිහිටයි
බිලියන හතරයි දශමම
පහක් නුඹට වයසයි
සඳේ ගුරුත්වාකර්ෂණය පොළවේ
ගුරුත්වාකර්ෂණයෙන්
හයෙන් එකකි.
හිරුට මුහුණලා පවතින කොටසේ
උෂ්ණත්වය පැරන්හයිට් අංශක 214 කි.
පිටුපා පවතින කොටස
240කි.පෘථිවියේ සිට ඇති දුර
ප්රමාණය කි. මීටර
384,400 කි. විශ්කම්භය
කි.මීටර 3476කි.
සඳමෙන් පෘථිවිය පනස්ගුණයක්
විශාලය.
ලියන්නේ සිත්ති සීනත්