ලෝක අයිතිවාසිකම්‍ දිනය

මානව හිමිකම්‍ දිනයක් ඇත
ලොව වෙන් කරලා
ජාතිය ආගම්‍ කුලමල
තියෙනවානේ බෙදලා
නඩුකාරයා තම අයිතිය
දෙන්නේ බලලා කිරලා
සමහර ලිපි ලේඛන ඇත
අනේ හොඳට දිරලා

ඉඩම්‍ නඩුව ඇදගෙන යන
කලාවක්ද ඇත්තේ
අවුරුදු ගණනක්ම ගියත්
අයිතිය එහි නැත්තේ
පරම්‍පරා දෙක තුන
ගත වෙන්නේ ඇයි දෙපැත්තේ
කවුද ඉන්නේ ඔච්‍චර කල්
උන් දුකෙන්ය මුත්තේ

පවුලක සමගිය සාමය
මව්‍පියන්ට භාරයි
සැමියා අතින් ගුටිබැට කන
අම්‍මලා නම්‍ මාරයි
මතට තිත! හැකිද තබන්න
එවිට පවුල් සාරයි
ගැහැණිය ගුටි කෑව යුතුද
ඔබලාටම භාරයි

දරුවන්ගේ අධ්‍යාපනේ
අයිතිවාසි කමකි
තරගෙකි අද සොයන්නේම
කොළඹ අවට නමකි
පුංචි කාලේ ඉගෙන ගත්තා
එය සුන්දර ගමකි
කොළඹට කිරි ගමට කැකිරි
නැති කිරීම සොඳකි

යුද්ධයකදි නැති වන ජීවිත
ගැන හරි දුකකි
ජලය නිවාසය අහරද
නැතිම වෙනවා සෙයකි
දරුවන් හඬනා විට ඒ
කඳුළැලි නම්‍ බරකි
උන් සිත්වල විඳිනා දුක
භීතිය කළු රැයකි

කාන්තාවෝ දරුවෝ රැක
ගැන්ම මිනිස් කමකි
යුද්ධය නවතා සාමය
ලොවට පිදුම සොඳකි
අයිතිවාසිකම්‍ සුරකිමු!
මේ‍ක හොඳම දෙයකි
සැම කෙනාට සම අයිතිය
පිදුවොත් හොඳ ලොවකි

මානව හිමිකම්‍ අයිතිවාසිකම්‍
විශ්ව ප්‍රකාශනයක් 1948-12-10 ප්‍රකාශ විය.
තමන් ගේ රටේ‍ තිබෙන උතිතරීතර නීතිය මූලික
අයිතිවාසිකම්‍ නීතිය වේ‍.

මානව හිමිකම්‍ විශ්ව ප්‍රකාශයේ
වගන්ති 30 ක් ඇත.
ඒවා සියල්ලම අයිතිවාසිකම්‍
ලෙස සැකසී ඇත.

අයිති – හිමිවිය යුතුය
වාසි – වාසි සහගත නැත්නම්‍
හොඳ දෙයක්
කම්‍ – දෙයක් හෝ ක්‍රියාවකි.
මේ‍වා සුරක්ෂිත වෙනවා නම්‍
එහි ප්‍රජාතන්ත්‍රවාදය ඇත.
ලෝකය පුරා මිනිසුන්ගේ සටන්
හා අරගල වල ප්‍රතිථලයකි.
දෙවන ලෝක යුද්ධයෙන් පසු
මේ‍ සියලුම වගන්ති මිනිසාට
හිමි වේ‍.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.