ලෝකයේ හරිත නගර

ලෝකයේම හරිත නගර හතක්
තිබේ‍ නම්‍කර
“කෝපන් හේගර් නගරය”
ඩෙන්මාර්කයට බැර
මිලියන සතරක් ජනතා
වෙසෙනවාලු එහි බර
පරිසර හිතකාමි ලෙසට
සකසාලා ඇත දොර

“ඇම්‍ස්ටඩෑම්‍” නෙදර්ලන්තයේ
පිහිටා ඇත යස
ඉලෙක්ට්‍රෝනික් රළු එමටයි
බලන බලන අත දස
තැන් තුන්සියයක් තිබේ‍ලු
පරිස්සමට නැහැ දොස
“ස්මාට්‍ සිටි” නමින් ගමනක්
එහි යනවලු උන් යස

බ්‍රසීලයේ “කුරිටිබාව” නගරය
ලස්සන තැනක්
ගංවතුරද පාලනේ කර ඇත
පුදුමෙකිඒ නමක්
ආසියාවේ‍ සදාහරිත
නගරය ලස්සන තැනක්
“සිංගප්පූරුව”බැරවෙයි
කසලින් තොර ගොඩබිමක්

“රෙයික්ජාවික්” නගරය
අයිස්ලන්තයේ ඇතී
සක්‍රියවම ගිනිකඳු තිහකුත්
තියෙනා හැම පැතී
සියයයටම අනූනවය
විදුලිය නිපදයි බැතී
භූගත ජල නිශ්පාදන ගැන
පොත ලියවී ඇතී

යුරෝපයේ හරිත නගර
සහතික ලබලා ඇති
ස්විඩනයේ”ස්ටොක් හෝම්ය”
නගරය නම්‍ කර ඇති
කැනඩාවේ‍ “වෑන්කුවර්”
පාපැදි ගමනක යති
හරිත ලොවක් බිහි කරලා
විශ්වය ගමනක යති

ඩෙන්මාර්කයේ හෝටල් 2/3 ක්
පරිසර හිතකාමි සහතිකය ලබා
ඇත.ගෙවල මතු මහලේ එළවළු
වගා කරයි.වරාය ආශ්‍රිත නගරයක් උවත් ඉතා පිරිසිදු
බව සඳහනකි.

වර්ෂ 1992 ග්‍රීන් ප්ලෑන් සංකල්පය යටතේ හැම
නිවසකටම ප්‍රතිචක්රී කරණය
කිරීමට කන්ටේ‍නරයක් ලබා දී
ඇත.එම නගරය ඉතා පවිත්‍ර
හා අලංකාර නගරයක් ලෙස
මාද දුටුවෙමි.ආසියාවේ‍ සදාහරිත
නගරය සිංගප්පූරුව වේ‍.

වෑන්කුවර් නගරය
කාබන්ඩයෝක්සයිඩ්‍ පරිසරයට
මුදාහරින අවම නගර 10 න්
එකකි.

හරිත නගර බිහිකර අපේ
සොබාදහම රැක ගැනීම
මිනිසාගේ යුතුකම වනු ඇත.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.