
තප්පරය, විනාඩිය,පැය වී
දවසක් ගත වෙනවා
මාස දොළහකුත් එකතුව
අවුරුද්දක් එනවා
දින තුන්සිය හැට පහක්ලු
ඒකට බැර වෙනවා
පසුගිය අවුරුද්ද කියලා
වසරක් වෙන් වෙනවා
ඉර පායලා එළිය දුන්නා
හැමදාමත් කුමරු
සඳ පායලා සිසිළ දුන්නා
සඳවතියත් අපුරූ
හුස්ම ටිකත් අපිට බෙදුවා
වෘක්ෂ ලතා සොඳුරු
සාගරයත් මේ විශ්වයේ
පැතිර තියෙන අපුරූ
එකතු කරලා දුන් දැණුමට
විශ්වෙට තුති පුදමී
හොඳ ජීවන පැවැත්මකට
අඩිතාලම ලදිමී
ලෙඩ නොමකර හොඳ ශරීරේ
දුන්නට පිං පුදමී
අළුත් යහළුවන් ගොන්නක්
ලැබුණට තුති පුදමී
දුක, සතුටද, වේදනාව
සැමකෙනාට උරුම!
එවන් සිතට ධෛර්ය්ය දුන්
මිනිසකු වේ අරුම!
හොඳ යහළුවා වීලා නුඹ
ගෙනා සතුට දිණුම!
වසරක අවසානය යුතුකමක්ය
තුති පිදුම!
අපි දිනපතාම අළුත් දෑ ඉගෙන
ගන්නෙමු.ජීවිතය දෙස හැරී බලන්න.
ඔබ මෙතෙක් ආ ගමන්
මඟ දෙස.මා දිරිමත් කල මගේ
සියළුම යහලු යෙහෙළියන්ට තුති
පුදමි.මා දිරිමත්කර මා ළඟින්
සිට මට රැකවරණය හා ධෛර්ය්ය
දුන් ඒ මිනිසත්කමට
මා තුති පුදමි.මේ විශ්ව මාතාවට
තුති.මට නන් අයුරින් මා දිරිමත්
කල සැමට අනේක වාරයක් තුති!
සංගීතයෙන් මා පිනවු සියලුම
ආදරණීයන්ට තුති!මා දිරිමත් කල
මගේ ආදරණීය දරුවන්ට
මගේ සහෝදරියන් හා සහෝදරයාට තුති!!
ඉර, සඳ, තාරකා,සාගරය සුළඟ
ගස් වැල් හා සතුන්ගෙන් මා ලැබූ
පන්නරයට තුති!
අහස්තලයට හා වැස්ස වළාහක
දෙවියන්ටද තුති!
සියලුම දෙනාටම සුබ නව වසරක් පතමි!
එකම විශ්ව ගම්මානයක අප ජීවත්වන්නෙමු!
යුධ ගිණිදැල් නිවී ලොවටම සාමය උදාවේවා!
සියලුම දෙවියන්ට මා තුති පුදමි! 🙏🏻❤️🌹
ලියන්නේ සිත්ති සීනත්