ගාලු කොටුව

කිලෝ මීටරම තුනකින්
කොටු පවුරම වට වෙන්නේ
අඩි හැත්තෑවකි සඳමුර
අට්‍ටාලය හැඩ වෙන්නේ
ලොරන්සෝ ද අල්මේ‍දා
නැවක නැගී මෙහි එන්නේ
වෙළඳ නගරයකි පුරාණ
පොත්වල අපේ ලිය වෙනිනේ

ප්‍රැන්සිස්කන් දේව මැඳුර
කුරුස පල්ලියද එහි ඇති
සමුද්‍ර කෞතුකාගාර යක්
තිබෙනවා හදලම ඇති
බඩු ගබඩාවක් පැරණීය
ලන්දේසින් ඉඳිකර ඇති
රෝහල ලන්දේසි කාලේ
පුදුමයි එය තවමත් ඇති

ප්‍රථම ප්‍රදීපාගාරය ගාලු
කොටුව තුල ඇත්තේ
ඒ අසල මාර්ගය ප්‍රදීපාගාර
වීදියලු මුත්තේ
ඔරලෝසු කණුව ඉංගිරීසි
කාලෙලු සාදා ඇත්තේ
අද එය නගරයක් වෙලා
සංචාරක සිත ගත්තේ

පන්සල පල්ලිය නිවාස
නගරය ඇතුලේ තියෙනා
රජයේ ආයතන පෟද්ගලික
ආයතන දකිනා
හෝටල් ඇත මංමාවත්
සංචාරක නෙත යොමනා
“ලෝක උරුමයකි” අපගේ
ඉතිහාසය එහි රැකෙනා

එය පෙරදිග දියුණු වරාය ලෙසට
හදුන්වා ඇත. 1505 පැමිණීම.
1541 ප්‍රැන්සිස්කන් දේවස්ථානය ඉඳි
කිරීම.1587 ගාලු නගරයම තම
අතට ගෙන ගාලු බල කොටුව
ඉඳිකිරීම.එම බැම්‍මට කළු
කොටුව යන නමද භාවිතාකර
ඇත.2වන රාජසිංහ රජ සමයේ
කාල තුවක්කුද සවිකර ඇත.
1684 මහල් දොළහකින් සමන්චිත
දැවමය ගොඩනැගිල්ල
1796 දී නිව්‍ ඔරියන් හෝටලය ද
දැකගත හැක.1886 දී ලෝහ
වලින් ඉඳිකල ප්‍රදීපාගාරය 1936
දී ගින්නෙන් විනාශ වූ බවට සටහනකි.

ඉංග්‍රීසි ඔරලෝසු කණුව පීටර් ඩැනියල් අන්තෝනි
මහතා සිහිකිරීම පිණිස සාදා ඇත. රැකගමු අපේ උරුමය! 🙏🏻

1892 අල් බහ්ජතුල්
ඉබ්රාහිමිය්යන් අරාබි විදුහල ද
මා දුටිමි.මේ‍ සියලු විශ්මිත ඉඳිකිරීම්‍
මා නරඹා ඇත.එය මට
දැණුමක් ලබා දුන්නේය.

ලියන්නේ සිත්ති සීනත්

Leave a reply:

Your email address will not be published.

Site Footer

Sliding Sidebar

About Me

About Me

Welcome! ආයුබෝවන්! මම සිත්තී සීනත් තාජුදීන්, ලියන්නේ කොළොඹ, ශ්‍රී ලංකා සිට. මගේ ගම රාගම.