
විශ්වය හට තුති පිදුවොත්
පෙරළා තුති පුදනවා
එහෙම නොවුන විට මිනිසා
කරදරවල් විඳිනවා
එවිට මිනිස් සිත කම්පාවෙන්
දෙවියන් යදිනවා
ලෝකය හරි ලස්සණයි නේ
සුන්දර අපි විඳිනවා
මතකද ඇමසන් වණයත්
ගිණිගෙන අළු වුනි එදා
කැලිෆෝනියා ලොස්ඇන්ජලිසුත්
ගිණිගන්නවා මෙදා
මිනිසා ලස්සණ විශ්වය හරි
හරියට ඇත බෙදා
අත හරිමුද? සුදුදු තමයි
හරිමුද අපි එය මුදා
සුළු ගින්නක් ඇති අක්කර
ගණන් දැවී අළුවෙනා
අහිංසකම කුරුළු,සතුන්
නිමේෂයෙන් වැනසෙනා
මිනිසා කරනා දේවල
ප්රතිථලමයි ගෙනදෙනා
යුද්ධය ලැව්ගිණි දැකලා
මගේ හදවත මියයනා
කඳු සේදී නාය ගියොත් ගම්
පිටින්ම වැළලෙනා
මහ වැසි ගංවතුර වෙලා
පහත් බිම්ද යටවෙනා
උෂ්ණත්වය ඉහළ ගිහින්
අයිස් කඳුත් දියවෙනා
වැළලී ඇති වෛරසයත්
කරළිය වෙත ළංවෙනා
ගිණිගෙන දැවෙනා භූමියේ
මිනිසුන් විෂ වායුය
දුටිමි සතෙකු බේරනවා
අහිංසකයි සාවිය
දුම් රොඩු සුළඟට විසිවී
හරිම සැරට පාවිය
විදුලි ගෑස් විසන්ධිකර
ගිණි කුණාටු ඒවිය
ජීවිතවල වටිනාකම අගයමු
අපි සැම දෙන
පරිසරයට නමස්කාර කරමුද?
අපි සැම දින
සිතට එකඟවී මිනිසුනි
අසමුද දෙවියන් අණ
සොබාදහම රැකලා අපි
බේර ගනිමු අපේ පණ
මෙය ජෛව විවිධත්වයට දරුණු
හානියකි. වණාන්තර ගිණිගෙන
දැවී ඇත.වණය අපට හුස්මටික
සපයන වටිනා තැනකි.
අපේ රටේත් මේ වනවිට අධික
වැසි පතිත වේ.
ගිණිනිවන භටයින් දසදහසකට
වඩා වැඩිය.
නිවාස 12,000 ට වඩා දැවී
ගොසිනි.
අක්කර ගනණින් ගිනි පැතිරී ඇත.
සියල්ලම අහිමි ආදරණීය මිනිසුනේ.
මා කම්පා වන්නෙමි.
ඔවුන් මුහුණ දෙන අභියෝග
රැසකි.එකමුතු වී ලෝකය ජය
ගනිමු!
ලියන්නේ සිත්ති සීනත්