
1.ඉර හඳ වගේ වෙනස් නොවෙන
මිනිසුන් ලෝකයේ
කොතැනකින්වත්
සොයා ගැනීමට නොහැකි වුවත්
මිනිසා තරමට වටිනා අන්
කිසිවක්ද ලොවෙහි නැත.
2.කවදත් වටින අපේ මිනිස්කම
මුදලින් මැනිය නොහැක.
3.මිනිසෙකු යනු ඔහුගේ
සිතුවිලිවල නිර්මාණයයි.
4.මුළු ලෝකයම අකුසලට බර
වුණත් කුසලය තුල ජීවත්
වෙන්න මිනිසාට පුළුවන්කම
තිබිය යුතුය.
5.මිනිස්සු වන අප සියළුදෙනා
වෙත ම කවිකමත්, වෙදකමත්
මෝඩකමත් ටික ටික ඇත.
6.දෘෂ්ටිය පැහැදිලි ව තබා ගත
හැකි නම් ඔබට ඔබේ හිත ද
සෘජුව තබා ගත හැක.
7.මිනිසුන් කලාව සමග ජීවත්
වන්නේ නම් දෙවියන් හා
ජීවත්වන බවක් දැනේ.
8.මිනිසා සුවදවත් වෙන්නේ
කරන කියන දෙයිනි.
9.සෑම කෙනෙකුගේ ම දෛවයේ
නිර්මාතෘ වන්නේ තමා ම ය.
10.විනාශ වීමට කිසිවක් නැති
පුද්ගලයා ගැන සැලකිලිමත්
වෙන්න.
11.මිනිස් කුසේ ඉපදී, මිනිසා
සමග ජීවත් වී, මිනිසාගේ
කර මත අවසන් ගමන් යන
“මිනිසා”නිවැරදිව හඳුනා
ගැනීමට සමත් වූ කිසිවෙක්
ලොව නැත.
12.තම තමන්ගේ ජීවිත තුළ
ඇවිදින මිනිස්සුන්ට තමන්ගේ
අඩුපාඩු හදා ගැනීම පහසු
වේ.
ජීවිතයේ සැනසිල්ලට යන පොත්
පිංචයෙන් උපුටා ගන්නා ලදිමි.
ශාන්තා වික්රමආරච්ච් ( මල්
පියලි ප්රකාශනයකි)
ජීවිතය යනු ඇතැම් විට
සන්තුෂ්ටියකි. ඇතැම් විට
සන්තාපයකි.ජීවත් වීම යනු
මෙම සම්මිශ්රණය
කළමනාකරණය කර ගැනීමයි
පරාජය අබියස පසුතැවෙන්නා ද
ජයග්රහණය අබියස උදම්
අනන්නාද යන දෙදෙනා ම
නිවැරදි විය යුත්තෝය.
ආචාර්ය සෝමරත්න දිසානායක
මහතා පසුවදනෙහි ආත්මය හා
මතු ආත්මය පිළිබඳ කරුණු
අපූරුවට ගලපා ඇත.
ස්තූතියි! 🙏🏻
ලියන්නේ සිත්ති සීනත්