
දීකිරිකෑවගේ සරදියෙල් අප්පූ
ඔහුගේ නමයි
දහනවවන සියවස ඉංග්‍රීසින්ගෙන්
තිබුණ වගයි
දෝලාවෙන් ගමන් ගත්ත රටේ
මහත්තයා තමයි
මහ කැලෑව, මහා ඔයත්
ගලා බැස්ස ගමක් කියයි
සුද්දා බලෙන් අල්ලගත්ත ඉඩම්
තිබුණා ඒ කාලේ
අන්ත:පුර ළඳුන් රජුන්
පෙම්‍බැන්දා ඒ කාලේ
ගමේ ළමයි ගේ සරදම් ගුටි
බැට ලැබූ ඒ කාලේ
විහිළු තහළු අවමානද
ඔහු ලැබුවලු ඒ කාලේ
පාලි,සංස්කෘත භාෂා
වැලිපිල්ලේ අකුරු කෙරූ
දුප්පත් පොහොසත් ළමයින්
කල්ලි බෙඳුනා ඒක මරූ
රන්බණ්ඩා වැටී බිමට උලට
තිබුණි ගලකි මරූ
අඳුරුම සිර කූඩුවකට
සරදියෙල්ව දැම්‍මා මරූ
“හෙනරාජ තෙලුත්” සොරකම්
කර හරි හයියෙන් ඔහු දිව්‍වා
යාළුවෝ සමඟින් කැලෑවේ
වයස දහහතර ලිව්‍වා
හොඳම යහළුවා
“මම්‍මලේ මරික්කාර්”නම කිව්‍වා
“තංගම්‍මට” විහිළු කලත්
ළඳුනට ගරු බව ලිව්‍වා
දිනක් මෑණි අසනීපලු කිරි
සොයමින් ඔහු දිව්‍වලු
ඇති තැනකදි කිරි තිබුනත්
සරදියෙල්ට ලැබුනේ නැහැලු
කෝරලේ ගොයියවත් ගඟට
තල්ලු කරල ඔහු පැන්නලු
මේ විධියට හැමදාමත්
මැදිරියේ කූරුද ගැන්නලු
උතුවන්කන්දට පැන ගොස්
“උකුණු ගලේ” සැඟවීලා
“කාසල් රොක්” සුද්දා කිව්‍වේ
තව නැහැ අවනතවීලා
සාජන් “ආමට්” තබලා වෙඩි
ඔහු බිම ඇද වැටිලා
“සාබන් තුවන්”වෙඩි නොතබන
ලෙස ඔවුන්ට අණදීලා
ඔහු උපන්නේ 1832 දීය.දරුවන්
5 දෙනෙකු යුතු පවුලක පළමු
දරුවාය.ඔහු කලේ අහිංසක
සොරකම් බව සටහන්වල
ලියවී ඇත.ඔහු ධනවතුන් ගේ
දේවල් සොරාගෙන දුප්පත්
අහිංසක මිනිසුන් අතරේ බෙදා
දුන්නේය.ඒ දුප්පතුන්ගේ
බඩගින්න ඔහුටද හොඳින්ම
දැනී ඇත.කොළඹ කොටුවේ
හමුදා බැරැක්කයක සොල්දාදුවන්
ඔහු හඳුනා ගත්තේය.
ඉංග්‍රීසි බසද කතා
කලේය.තුවක්කු හා රයිෆල්
පාවිච්‍චි කරන ආකාරයද දැනුම
ලැබුවාය.සිර මැදිරියේ යකඩ
කූරු වලින් පැනයාමද ඔහු
සිරිතක් කර ගත්තේය.ඔහු
දඬු කඳේ දඬුවම්‍ද ලද්දේය.
කෙල්ලකු කිඹුලකු ඩැහැගන්නා
විට ඌව මරා ඇයව බේරාගෙන
ඇත.තමාම නොපෙනී සිටීමට
තරම් බලය ඇති “තාල අංජනම”
නම් බලගතු තෙල හා “නරස්ටි
මාලාව” නම් සුරයක්ද ගෙල වටා
පැළඳි බව සඳහනකි.
1864 වර්ෂයේ මැයි 7 වන දා
සරදියෙල් හා මම්‍මලේ මරික්කාර්
එල්ලන දවසේ ඩයෝ
පියතුමන් කුරුසියේ ඇන ගැසු
ජේසුස්වහන්සේ සමග එක්වන්නට ලැබේවා!
යන වදනින් ඔහුව එල්ලා මරනු
ලැබුවේය.
ඔහුට අපට පහළ වූ ලාංකීය
“රෙබින් හුඩී” යන නාමට බට
බැඳුණාය.අද සරදියෙල් නමින්
ගම්‍මානයක් අපේ දේශයේ ඇත.
මෙම පොතේ කර්තෘ මනෝ
ප්‍රනාන්දු මහතාය.එකල මැලේ
ජාතිකයින් පොලීසියේ හා ගිණි
නිවන හමුදාවේ සේවය කලේය.
මා කුඩා කල පියාගෙන් මේ
කතාන්දරය ඉගෙන ගත්තෙමි!
ලියන්නේ සිත්ති සීනත්